mediahumanrights.lk
Local NewsNews

රහස්‍යභාවය ආරක්ෂා කිරීම..මූල්‍ය භාවිතය ගැන පරීක්ෂණ – විභාග ලොක්කාව හදිසියේ මාරු කළ හේතුව මෙන්න

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්. ජේ. පුෂ්පකුමාර අධ්‍යාපන අමාත්‍යංශය වෙත අනුයුක්ත කර ඇත්තේ  විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් මේ දිනවල සිදු කෙරෙන විශේෂ විමර්ශනය අතරතුර බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
විභාග දෙපාර්තමේන්තුවේ පසුගිය කාලයේ සිදු වූ විභාග පැවැත්වීම්ල උත්තර පත්‍ර පරික්ෂාව, ප්‍රශ්න පත්‍ර සම්පාදනය, ප්‍රශ්න පත්‍ර සම්පාදක මණ්ඩලය නම් කිරීම, විභාග සම්බන්ධ රහස්‍යභාවය ආරක්ෂා කිරීම, මූල්‍ය භාවිතය ඇතුලු කටයුතු කිහිපයක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් මේ දිනවල  පැවැත්වෙනවා.
අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි  විසින් විභාග කොමසාරි ජනරාල්වරයා   විභාග දෙපාර්තමේන්තුවේ සිට අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත කර ඇත්තේ අදාළ විමර්ශන කණ්ඩායමේ නිර්දේශයන් සහ විභාග කොමසාරිස් ජනරාල්වරයා ද පරීක්ෂණය අතරතුර තමාට ස්ථාන මාරුවක් ලබාදෙන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සිදු කළ ඉල්ලීමක් ද සැලකිල්ලට ගනිමින් බවයි අමාත්‍යංශය සඳහන් කළේ.
විභාග දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයෙකු ද මෙම පරීක්ෂණ අතරේ පසුගිය දා මාරු කරනු ලැබුවා.
විභාග කොමසාරිස් ජනරාල් හදිසියේම මාරු කරයි
විභාග කොමසාරිස් ජනරාල්වරයාව හදිසියේම මාරු කර තිබෙනවා.
ඔහුව මාරුකර යවා ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ සේවය සඳහායි.
ඒ සම්බන්ධයෙන් හේතු වූ කරුණු හැකි ඉක්මණින් නිවේදනය කරන බවයි ආධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

පක්‍ෂ එක්ක සන්ධාන ගහන්නෑ.. ස්වාධීන කණ්ඩායම් එක් කර බලය පිහිටුවනවා..- ටිල්වින්

Shiran Viraj

ශ‍්‍රී ලංකා කණ්ඩායම සුපිරි කණ්ඩායමක්.. තව ලකුණු 10-15ක් තිබුනා නම් පැරදුනු මැච් දෙකම දිනන්න තිබ්බා..

Shiran Viraj

රජරට වැව් නියඟයෙන් සිඳී යයි! බොන්න වතුරත් නැහැ

Shiran Viraj
Translate »