27 C
Colombo
2024-07-07
mediahumanrights.lk
Local News News

“රට ජාතිය සමඟි කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නොව නිර්මල බුදු දහමෙනුයි” – රෙජිනෝල්ඩ්

වර්තමානයේ රට තුල පවතින ජාතික අසමඟිය හා සහජීවනයෙන් යුතු රටක් හා ජාතියක් ලෙස සමඟි කළ හැක්කේ බුදු දහම තුල ඇති හික්මීම, ඉවසීම, දයාව හා කරුණාව පෙරදැරි කර ගත් දර්ශනය තුලින් බැව් උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ  මහතා පසුගියදා යාපනයේ පුත්තූර් විද්‍යාලයේදී පැවසීය.
මෙම උත්සවයේ පැවිදි අනුශාසක ලෙස වැඩම කලේ අමරපුර මහා නිකායේ මහානායක රාජකීය පණ්ඩිත ත්‍රිකුණාමලයේ ආනන්ද නාහිමියන් ඇතුළු එම නිකායේ අනුනායක හිමිවරුන්ය.
මෙහිදී ආණ්ඩුකාර මෙසේ අදහස් දැක්වීය.
“අද බුදුදහම, බුදුන් වහන්සේගේ දේශනය අන් කවර අවධියකටත් වඩා වලංගු වූ යුගයක අපි ජීවත් වෙන්නේ. එයින් මම අදහස් කරන්නේ කිසියම් දිනක බුදු දහම අවලංගු වෙමින් තිබුණා කියලා නෙවෙයි. එහි අවශ්‍යතාවය,  නෑකම ප‍්‍රබල ලෙස දැනෙන අවධියක අපේ රටට සහ ලෝකයට සමානාත්මතාවය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානවහිතවාදීත්වය, කරුණාව ගැන අද ලෝකයේ  දේශනා පවත්වන බොහෝ උදවිය ඉන්නවා. බොහෝ අය ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගේම අපිට මේවා උගනන්වන්න බටහිරින් හා යුරෝපයෙන් දේශකයින් පැමිණෙන කාලයක් මේක. ඔවුන් මහා බරපැන වියදම් කරගෙන තරුපහේ හෝටල්වල ලොකු නියෝජිතයෝ කැඳවාගෙන ලක්ෂ ගණන් මුදල් වියදම් කරගෙන අපට ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානවහිතවාදය උගන්නනවා.”
“මම හිතන්නෙ ඒ සියළු දෙනාට ඒ පිළිබඳව ඉගෙන ගන්න ඉන්න මහා ශාස්තෲවරයාණන් තමයි බුදුරජාණන් වහන්සේ. මම එහෙම කියන්නෙ ජාති, කුලමල, පංති, ආගම් භේදයකින් තොරව මනුෂ්‍යත්වය ඉහළට ඔසවා තබපු මිනිසුන්නට පමණක් නොව සියලු සත්ත්වයින්ට සෙනෙහස පතුරපු ඒ විතරක් නෙවෙයි ගහකොළට පවා මෛත‍්‍රීය දයාව කරුණාව සෙනෙහස පතුරපු විශ්වාන්තරවාදය බුදුදහමයි. අද අපි කතා කරනවා ජාතියක් හැටියට එකතුවීමේ වටිනාකම. සමහර අය කතා කරනවා ජාත්‍යන්තරවාදය ගැන. ජාතීන් හැටියට එකතුවීම ගැන. එතකොට ඒවට වැඩිය කොයිතරම් උසස් මට්ටමකද තියෙන්නේ විශ්වාන්තරවාදය. ජාතියට පේ‍්‍රම කිරීමටත් වැඩිය ජාත්‍යන්තරවාදයටත් වැඩිය විශ්වාන්තරවාදය හොඳයි. මමත් එක් යුගයක මාක්ස්වාදියෙක්.” එහිදී ඒ මහතා මෙසේද වැඩිදුරටත් අදහස් දැක්වීය.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

Shiran Viraj

මැඩිල්ලේ හිමි අලි සබ්රිගෙන් සමාව ගනී.. මතු කිසිදා අපහාස නොකරන බවට උසාවියේදී පොරොන්දු වේ…

Shiran Viraj

රනිල් පත් කිරීමෙන් දේශපාලන අර්බුදයක්.. රනිල් අවුලක…

Shiran Viraj