2026-02-16
mediahumanrights.lk
Local NewsNews

මාදැල ආයිත් අදින්න මහින්ද අවසර දෙයි

මාදැල් ධීවර කර්මාන්තය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා නියාමන කමිටුවක් පත් කිරීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.
මාදැල් ධීවර කර්මාන්තයේ නිරත ධීවරයින් සමඟ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (15) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
නීති විරෝධී ක්‍රම උපයෝගී කරගනිමින් මාදැල් ධීවර කර්මාන්තයේ යෙදීම හේතුවෙන් ඒ සඳහා ලබාදෙන බලපත්‍රය තාවකාලිකව නතරකිරීමට කටයුතු කරනු ලැබුවා.
ට්‍රැක්ර් රථ යොදාගනිමින් මැදැල් ඇදීම හේතුවෙන් වෙරළට සිදුවන හානිය සැළකිල්ලට ගෙන ධීවර අමාත්‍යංශය විසින් බලපත්‍ර ලබාදීම තාවකාලිකව නතර කර තිබුණි.
කෙසේවෙතත් ධීවර අමාත්‍යංශයේ උපදෙස් වලට අනුව කටයුතු කරන ලෙස උපදෙස් ලබාදෙමින් මාදැල් ධීවරයින් සඳහා යළි බලපත්‍ර ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ සඳහා සොයාබැලීමට ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් කමිටුවක් පත් කර ඇති අතර දෙසැම්බර් පළමු වෙනිදාට පෙර එම කමිටුව විසින් අමාත්‍ය වරයා වෙත වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද නියමිත ය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කපුගෙදර විස්සයි විස්ස ගැටුමෙන් ඉවතට

Shiran Viraj

වඳුරන්ගේ “ගල්” ප්‍රහාරයෙන් 72 හැවිරිදි පුද්ගලයෙක් ජිවිතක්ෂයට

Shiran Viraj

පාස්කු ඉරිදා දිනය අදයි

Shiran Viraj
Translate »