mediahumanrights.lk
Business Business News News

මහපොළ අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශනය නැවතත්

දශක දෙකකට අධික කාලයක් නවතා තිබූ මහපොළ ප්‍රදර්ශනය නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසයි.
නව ප්‍රදර්ශනය වඩාත් ඵලදායී ලෙස රජයට බරක් නොවී මහපොළ අරමුදල ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් ආරම්භ කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
ඊයේ (15) කොළඹ අපනයන සංවර්ධන මණ්ඩලයේදී අදාළ නිළධාරීන් හමු වී මහපොළ ආරම්භ කිරීමේ මුලික සාකච්ඡාවේදී සුජීව සේනසිංහ මහතා මෙසේ අවධාරණය කළේය.
මෙම සාකච්ඡාව සඳහා මහපොළ භාරකාර අරමුදල, අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ආදී රාජ්‍ය ආයතන රාශියක නිළධාරීන් සහභාගී වූහ.
නව මහපොළ ආරම්භ කිරීමේදී කාලීන අවශ්‍යතාවයන් තේරුම් ගනිමින් අනාගත තරුණ පරපුර උසස් ජීවනෝපායන් සඳහා යොමු කිරීමට ද අවදානය යොමු කරන බව සේනසිංහ මහතා මෙහිදී පැවසීය.විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් තාක්ෂණ විද්‍යාල ශිෂ්‍යයන්, පාසල් ශිෂ්‍යයන් හා පාසැල් හැර ගිය තරුණ පිරිස පිළිබඳව වැඩි අවදානයක් යොමු කරන බවත්, ඔවුන්ට අනාගත රැකියා වෙළඳපොළ සඳහා පිවිසීමට අවශ්‍ය පහසුකම් සැලසීම මහපොළ තුළින් සිදුකිරීමට අපේක්ෂිතයි.
වසරකට මහපොළ ප්‍රදර්ශණ 3 -4 ප්‍රමාණයක් දිවයිනේ විවිධ පළාත් වල පැවැත්වීමට අවදානය යොමු වී ඇත. එහිදී ප්‍රදේශයේ තෝරාගත් පාසැල් වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කැපකරු මාපිය රැකවරණ ක්‍රමයක් ආරම්භ කිරීම වැනි විවිධ සුබ සාධන වැඩසටහන් රැසක් මීට සමගාමීව ආරම්භ කරයි.
ප්‍රදේශයේ නව නිපැයුම්කරුවන් හඳුනාගනිමින් ඔවුන් දිරිමත් කිරීම, විවිධ රැකියා අවස්ථා පිළිබඳව තරුණ තරුණියන් දැනුවත් කිරීම, නව අපනයන කරුවන් හඳුනාගනිමින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමද මහපොළ තුලින් සිදු කිරීමට බලාපොරොත්තු වේ.
ඒ අනුව අධ්‍යාපන, වෙළඳ විනෝදාස්වාදය කැටි වූ දිවයිනේ විශාලතම ප්‍රදර්ශන සැණකෙළිය ලෙස නැවතත් මහපොල ප්‍රදර්ශණය ආරම්භ වේ.
මෙහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් චින්තක ලොකුහෙට්ටි මහතා පැවසුවේ මහපොළ ප්‍රදර්ශනයත් සමඟම එම ප්‍රදේශයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමත්, ජනතාවගේ ආර්ථික ශක්තිය ඉහළ නැංවීමත් මෙන්ම තරුණ තරුණියන් සඳහා ස්ථාවර ජීවනෝපායන් ඇති කිරීම රජයේ අරමුණ බවයි.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ කොවිඩ් ආසාදිතයින් 313ක් : ගොතටුවෙන් පමණක් 74ක්

Shiran Viraj

නීතිවිරෝධීව ඇල්ලූ මසුන් කිලෝ 30ක් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයට

Shiran Viraj

ජනාධිපතිවරණය ගැසට් කරන්න සූදානම්…

Shiran Viraj