25.6 C
Colombo
2025-12-17
mediahumanrights.lk
Local NewsNews

බියර් මිල අඩු කිරීම නිසා බීමතින් රිය ධාවනය ඉහලට..

බියර් මිල අඩු කිරීම තුලින් බීමත්ව රිය ධාවනය වැඩි වන බව සමස්ථ ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය සදහන් කරයි.
මේ බව සදහන් කරමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත එම සංගමය විසින් යොමු කර ඇති ලිපිය මෙසේය.
බියර් මිල අඩු කිරීම තුලින් බීමත්ව රිය ධාවනය වැඩි වනවා
2018 අයවැය යෝජනා තුලින් රජය බියර් මිල පහත දැමීමට පියවර ගැනීම තුලින් බීමත්ව රිය ධාවනය වැඩි වනු ඇත. මේ හේතුවෙන් මාර්ග අනතුරු අධික ලෙස ඉහලයා හැක. පුද්ගලයෙකුගේ බර ප්‍රමාණය අනුව රුධිරයේ මත්පැන් ප්‍රතිශතය බියර් කෑන් එකකට වඩා බීම තුලින් ද ඉහල යා හැක. ලංකාවේ රුධිරයේ මත්පැන් ප්‍රතිශතය 0.6% හෝ ඊට වැඩි නම් පුද්ගලයෙකු නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් වනු ඇත.
පොලිසිය විසින් එම අගය නිගමනයට මුඛය හරහා ගන්නා විද්‍යුත් පරීක්ෂණ උපකරණ ගෙන්වා ඇතත්, එය සිදු කිරීමට පෙර රියදුරන්ට මුඛය හා උගුර සේදීමට ඉඩ ලබා නොදීමෙන් අසත්‍ය අගයන් එහි වාර්තා වේ. එවන් අවස්ථාවක දී එම උපකරණයේ දත්ත අධිකරණයේ දී අභියෝග කර හැක. මේ නිසා එම පරීක්ෂාව සිදු කල යුතු නිසි ක්‍රමවේදය ගැසට් කර නීති ගත කල යුතුය. ප්‍රතිශතය අභියෝග කර නොහැකි ලෙස නිසියාකාරව ඔප්පු කිරීමට නම් රියදුරකුගේ රුධිරය පරීක්ෂාවක් ලබාගැනීමට සිදුවන ඇත.
මහජනතාව දුන් යහපාලන ජනවරම රටේ තරුණ සමාජයට මත්පැන් ප්‍රවර්ධනය කරමින් එම ව්‍යාපාරවලට බිලිදී ඉන් පසු 25,000 දඩ මුදල් අය කිරීමට භාවිතා කිරීම අප සංගමය දැඩිව හෙළා දකිමු.
තම විෂය පතයෙන් බාහිරව කටයුතු කරමින් ත්‍රීරෝද රථ මීටර් අනිවාර්ය කෙරූ මාර්ග ආරක්ෂාව පිළිබඳව ජාතික සභාව සභාපතිවරයා ඔහුට ඍජුව අදාළවන මෙම කරුණේදී නිහඬව සිටින්නෙ ඇයි ද යන්න අප ඔබෙන් ඍජුව ප්‍රශ්ණ කරමු. මාර්ග ආරක්ෂාව ගැන පුරසාරම් දොඩවමින් යතුරුපැදිකරුවන් අසරණ කරමින් ඔහුටවත් පාලනයක් නොමැති දූෂිත නිලධාරීන් පෝසත් කිරීමට 25,000 දඩය ඉල්ලන පොලිස්පතිවරයා ද මේ කාරනාව ගැන නිශ්ශබ්දතාවක් රකින්නෙ ඇයි යන්නත් අපි ඔබෙන් ඍජුව ප්‍රශ්ණ කරමු. මන්ද මෙම නිලධාරින්ගේ ක්‍රියාකලාපයට ඔබ ඍජුව වගකිවයුතු නිසාය.
එතනෝල් ව්‍යාපාර ආරක්ෂා කිරීමට යන දේශපාලනඥයින් හට හොද පාඩමක් ඉගැන්වීම පිණිස ඔබේ ඍජු නියෝගයෙන් සමාජය විනාශ කරනා මෙම බියර් මිල අඩු කිරීම වහා අහෝසි කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
මෙයට,
චිරන්ත අමරසිංහ
සභාපති

(under the courtesy of lankacnews.com news web)

Related posts

මුදල් නියෝජ්‍ය ඇමති කියන විදිහට වැඩ කරනු.. ගිය ආණ්ඩුව එක්ක වගේ සෙල්ලම් බෑ..- මහ බැංකු අධිපතිට දන්වයි..

Shiran Viraj

මර්කන්ටයිල් ක්‍රෙඩිට් මහ බැංකුවට කෝටි 3,000ක ණය පොල්ලක් තියයි..

Shiran Viraj

පාසලේ මැරතන් තරඟයේදී සිසුවකු බසයට යටවී මරුට..

Shiran Viraj
Translate »