mediahumanrights.lk
Local NewsNews

පාසල් සිසුන්ට තොරතුරු තාක්ෂණික විෂය අනිවාර්යය කිරීමට පියවර

ඉදිරියේ දී පාසල් විෂය නිර්දේශය සඳහා තොරතුරු තාක්ෂණය විෂය අනිවාර්ය කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඒ මහතා ප්‍රකාශ කළේ ඉදිරියේ දී සමස්ත අධ්‍යාපන ක‍්‍රියාවලිය තොරතුරු තාක්ෂණය මත පදනම් වන බවත් තොරතුරු තාක්ෂණික දැනුම මේ වන විටත් ග‍්‍රාමීය මට්ටම දක්වාම ව්‍යාප්ත වී ඇති බවයි.
රටේ සියලු පාසල් සඳහා මෙම තොරතුරු තාක්ෂණික දැනුම ලබාදීමට වත්මන් රජය කටයුතු කර ඇත්තේ එම දැනුම තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් බව පෙන්වා දුන් අමාත්‍යවරයා තොරතුරු තාක්ෂණික දැනුමේ දැඩි අනාගත අවශ්‍යතාව නිසාම ගුරුවරුන්ට ද තොරතුරු තාක්ෂණික පුහුණුව මේ වන විට ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව  ද සඳහන් කළේය.
සර්වෝදය ෆියුෂන් ආයතනය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ” ITයහමඟ” ව්‍යාපෘතිය දියත් කිරීම වෙනුවෙන් පසුගිය දා කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.  අන්තර්ජාලය හැසිරවීමට විවිධාකාර වූ වයස් පරාස තුළ සිටින ප‍්‍රජාවන් දැනුවත් කිරීම  මෙම ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණ වේ.
මෙහිදී සංකේතාත්මකව විද්‍යාලයේ සිසුන්ට තොරතුරු තාක්ෂණික ශිෂ්‍යත්ව ප‍්‍රදානය කිරීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතිනි සිදු විය.
සර්වෝදය ෆියුෂන් ආයතනයේ සාමාන්‍යාධිකාරී ඉසුර සිල්වා මහතා, එල්. කේ. ඩොමේන් රෙජිස්ටර් ආයතනයේ ප‍්‍රධාන විධායක අධ්‍යක්ෂ මහාචාර්ය ගිහාන් ඩයස් මහතා සහ එම ආයනයේ පුහුණු කළමනාකරු ඩි.ඩි. ප‍්‍රභාත් මහතා ඇතුලු නිලධාරීන් රැසක් උත්සවයට එක්ව සිටියහ.

(under the courtesy of news.lk news web)

Related posts

ලෙලුම්ගේ පැටිකිරියත් එළියට !

Shiran Viraj

Myanmar to host tourism expo at the end of 2018

Shiran Viraj

උගතුන් පමණක් පාර්ලිමේන්තු එවීමේ උවමනාවක් නෑ..- මැ.කො.

Shiran Viraj
Translate »