2026-02-12
mediahumanrights.lk
NewsSportsSports News

නිරෝෂන් දික්වැල්ලගේ චණ්ඩි පාට් ගැන සතුටු වුන මහේලට විරාත් කෝලි රිදෙන්න උත්තර දෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අලුත්ම චණ්ඩියා නිරෝෂන් දික්වැල්ල. පිත්තෙන් චණ්ඩිකම් දාපු දික්වැල්ල ඊයේ ඉන්දියාව එක්ක තිබ්බ තරඟයේදීත් පොඩි නාහෙට අහන්නෙ නැති වැඩ ටිකක් කරා. පැරදෙන්න ගියපු තරඟයේ වෙලාව යවා ගන්න දික්වැල්ල ෂමීගේ ඕවරයේ ක්‍රීඩා කරන්න ගොඩක් වෙලා ගත්තා.
මේක කෝලිට වගේම ඉන්දියානු කණ්ඩායමේ කාටවත් එච්චර දිරෙව්වේ නෑ. එ් නිසා පිටිය මැද්දේ උණුසුම් වචන හුවමාරුවකුත් වුනා. අන්තිමේදී විනිසුරුවන් මැදිහත් වෙලා වැඩේ ශේප් කරා. ඉන්දියාවෙ මාධ්‍යත් දික්වැල්ලගේ මේ වැඩේට පතුරු යනකම් බැන්නා. හැබැයි ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම මේ වැඩේ අගය කරලා තිබ්බා. විස්තර විචාරක රසල් අානෝල්ඩ් දික්වැල්ලගේ ක්‍රියාව අගය කරලා තියපු ට්විටර් පණිවිඩය ගැන අපි ඔබට කිව්වා මතක අැති. මහේල ජයවර්ධනත් එ් ගැන Twitter සටහනක් තියලා තිබ්බා.
මහේල කියලා තිබ්බේ දික්වැල්ලගේ අාකල්ප අගය කරනවා කියලා. එ් වගේම ඔහු කෝලිටත් සුභ පතලා තිබ්බා. විරාත් කෝලිත් මහේලගේ මේ Twitter මැසේජ් එකට රිප්ලයි කරලා තිබ්බා. කෝලි කියලා තිබ්බේ ටෙස්ට් ක්‍රිකට් තමයි හොදම කියලා.
මේ තියෙන්නේ මහේල තියපු Twitter සටහන සහ කෝලි ඒකට දුන්න උත්තරේ.

(under the courtesy of siyathafm.lk news web)

Related posts

ලාකිකකයන් හැට ලක්‍ෂයකට ආහාර නෑ..- UN අලුත්ම වාර්තාව කියයි..

Shiran Viraj

නීති විරෝධී ලෙස ගෙන්වූ කහ තොගයක් සමඟ මුස්ලිම් ව්‍යාපාරිකයෙක් සහ අල්ලස් ගත් රේගු නිළධාරීන් අත් අඩංගුවට!

Shiran Viraj

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ සටනක් අරඹයි

Shiran Viraj
Translate »