mediahumanrights.lk
Local NewsNews

ඩෙංගු හා ඉන්ෆ්ලුවෙන්සා උණ පැතිර යාමේ ප්‍රවණතාවයක්

යාපනය දිස්ත්‍රික්කය පුරා ඩෙංගු හා ඉන්ෆ්ලුවෙන්සා උණ පැතිර යමින් පවතින බව යාපනය ශීක්ෂණ රෝහලේ වසංගත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය එස්.අමාන්නදන් මහතා අද (23) පැවසීය.
වර්ෂාව පහව යාමත් සමගම යාපනයේ විවිධ උණවර්ග පැතිර යමින් පැවතීම නිසා දිනකට රෝගීන් 1000ත් 1200 ත් අතර ප්‍රමාණයක් ප්‍රතිකාර ගැනීමට රෝහල වෙත පැමිණෙන බව කී වෛද්‍යවරයා මේ දිනවල යාපනය රෝහලේ නේවාසික රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහල ගොස් ඇතැයි කියා සිටියේය.
මේ සතියේ 20 දා සිට 22 දක්වා කාලය ඇතුලත ඩෙංගු රෝගීන් 143 ක් ද, ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් 72 ක්ද රෝහලට ඇතුළත් කොට ඇති බව කී වෛද්‍යවරයා මීට අමතරව යාපනයේ ප්‍රාදේශීය රෝහල්වල තවත් රෝගීන් විශාල සංඛ්‍යාවක් සිටින බවශ කියා සිටියේය.
වර්ෂා කාලයෙන් පසුව යාපනයේ ඩෙංගු හා ඉන්ෆ්ලුවෙන්සා රෝගය පැතිය යාම බලාපොරොත්තු විය හැකි තත්ත්වයක් නමුත් මෙවර රෝගීන් සංඛ්‍යාව ඉහල යාම රෝහල් කාර්ය මණ්ඩලයට විශාල ගැටළුවක් වී ඇති බවද කියා සිටියේය.

(under the courtesy of asianmirror.lk news web)

Related posts

ජොන්ස්ටන්ගෙන් කුරුණෑගලටත් මොරටු ක‍්‍රමය… එන්නත් ටෝගන් 10,000ක්..

Shiran Viraj

සයිනොෆාම් ඊයේ පමණක් 71,000කට විදී.. කිසිම අතුරු ආබාධයක් නෑ..

Shiran Viraj

පාර්ලිමේන්තු මන්ත්‍රී කාර්යලයකට මසකට රු. 100,000ක්

Shiran Viraj
Translate »