රෝහණ විජේවීර ඇතුළු මියගිය පක්ෂ සාමාජික සාමාජිකාවන් අනුස්මරණය කරමින් ජනතා විමුක්ති පෙරමුණ 28 වන ඉල්මහ විරු සමරුව අද (13) කොළඹ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.මේ සඳහා පක්ෂයේ නායකයන්, සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.මෙම උත්සවයේ සමරු දේශනය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක සහ පක්ෂයේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා යන අය විසින් පවත්වන බවද වාර්තා වේ.උත්සවයට සමගාමීව ගී ප්රසංගයක් ද පැවැත්වෙන අතර එය පක්ෂයේ සමාජවාදී කලා සංගමයේ විමුක්ති ගී කණ්ඩායම සහ ආරාධිත සංගීතවේදීන් විසින් ඉදිරිපත් කිරීමට නියමිතය.
(under the courtesy of hitnews.lk news web)
previous post
next post