mediahumanrights.lk
Local NewsNews

ජනපති දියණියගේ ව්‍යාජ අස්සනින් ලිපියක් සැකසූ දෙදෙනා රිමාන්ඩ්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දියණිය වන දර්ශනී චතුරිකා සිරිසේන මහත්මියගේ අත්සන සහ නිලය භාවිත කරමින් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂයක ඉඩමක් උකස්කර ලබා ගත් ණය මුදල සම්බන්ධයෙන් සහනයක් ලබා දෙන ලෙස ව්‍යාජ ලිපියක් සකස් කළ බව කියන දෙදෙනා ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (17) නියෝග කළාය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ කොළඹ අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කළ ව්‍යාජ ලිපිය බැංකුවට දිරිපත් කළ මව වන කමනි රේණුකා රාවනාඇල්ල සහ ඇයගේ පුතා වන විමුක්ති කරදව නැමැති දෙදෙනාය.
සිද්ධියට අදාළව ජනාධිපතිවරයාගේ දියණිය වන දර්ශනී චතුරිකා සිරිසේන මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවට ඉකුත් 10 වැනිදා සිදු කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කළ බවත් මේ ‍අය විසින් අදාළ බැංකුවට එම ව්‍යාජ ලිපිය තැපැල් මගින‍් යොමු කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව කියා සිටියේය.
විවිධ ප්‍රශ්න ඇති පුදගලයන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී තමා හමුවන බවත් එම අය එවන ලිපි බලා ඒවාට පිළීතුරු යොමු කිරිමට තමන් රන්ජන් ධර්මවර්ධන නැමැති නිලධාරියාට යොමු කරන බවත් චතුරිකා සිරිසේන මහත්මිය පැමිණිල්ලේ සඳහන් කර ඇති අතර, මේ සිද්ධිය සම්බන්ධයෙන් සෙලාන් බැංකුවෙන් තමන්ට එවන ලද ලිපියක සටහන්ව තිබූ බවත් දක්වා ඇත.
මේ සිද්ධියට අදාළ දෙවැනි සැකකරු 2015-106 මැතිවරණ සමයේ කේටරින් සමාගමක් පවත්වා ඇති බවත් මැතිවරණ සඳහා ආහාර පාන සපයා ඇති බවත් සිදු කළ විමර්ශන අනාවරණය කර ඇති අතර, පරිගණකයක ආධරයෙන් ලිපි ශීර්ෂය ලබා ගෙන අත්සන ව්‍යාජව යොදා බැංකුව වෙත යොමු කර ඇති බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ පතිරණ මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටි අතර, මේ සිද්ධියට මවගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් පුතා විසින් ගෙනත් දුන් ලිපිය බැංකුව වෙත යොමු කිරීම පමණක් සිදු කළ ඇති බවත් කියා සිටියේය.
උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි

Related posts

අගමැති මහින්ද හා ඉන්දීය අගමැති මෝදි අතර සාකච්ඡාවක් අද

Shiran Viraj

කිරි ගොවියන්ට සහ ධීවරයන්ට බඩේ පහර!

Shiran Viraj

ඡන්ද දායකයින් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සමත් විභාගයට

Shiran Viraj
Translate »