2026-02-12
mediahumanrights.lk
Local NewsNews

කොස්ගොඩ පාසලක ළමයෙක් ළමයි දෙන්නෙකුට පිහියෙන් අනී-ළමයෙකුට බරපතළයි

කොස්ගොඩ ප්‍රදේශයේ පාසලක් තුළදී ශිෂ්‍යයෙක් තියුණු ආයුධයකින් පහරදී සිසුන් දෙදෙනෙකුට තුවාල සිදු කර තිබේ.
10 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු විසින් අද (27) උදෑසන මෙම පහරදීම සිදු කර ඇති බව පොලීසිය පැවසුවේය.
සැකකාර ශිෂ්‍යයා තවත් සිසුවෙකු සමඟ පැවැති පැරණි ආරවුලක් මුල්කර ගනිමින් එම සිසුවාට තියුණු ආයුධයකින් පහරදී තිබේ.
එහිදී ගැටුම සමතයකට පත් කිරීමට එම ස්ථානයට පැමිණි තවත් සිසුවෙකුට අදාළ සැකකාර සිසුවා පහරදී තුවාල සිදු කර ඇති බව වාර්තා වෙයි.
තුවාල ලැබූ සිසුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව  පොලීසිය සඳහන් කළේය.
පිහිඇණුමෙන් තුවාල ලැබූ එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
සැකකාර සිසුවා මේ වන විට කොස්ගොඩ පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

වැඩිහිටියන්ට කරදර නම් 118 අමතන්න- එස්.බී කියයි

Shiran Viraj

උසස් අධ්‍යාපනය ලබන සිසුවියට අතවර කරන්න අමුතු විදියට පැමිණි උපාධිධාරී ගුරුවරයා

Shiran Viraj

නැගෙනහිර පලාතේ සියළුම පාසල් වසයි..

Shiran Viraj
Translate »