mediahumanrights.lk
NewsPolitical

ඇමති ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක්

ඇමති ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් අද (23) කථානායකවරයාට භාර දී තිබේ.
මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ඊට අත්සන් තබා ඇති බව වාර්තා වේ.
දිවා විවේකයට පෙර එය භාර දීමට උත්සාහ කළත් විවේකයෙන් පසුව එය භාර ගන්නා බව කතානායකවරයා පවසා ඇති අතර පසුව භෝජනාගාරයට ගොස් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් එය භාර දී ඇත.
තමන් ඇතුළු මන්ත්‍රීවරු හෙට (24) දිනයේ ඇමති ෆයිසර් මුස්තාපාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසා තිබේ.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා, පළාත් පාලන මැතිවරණය නියමිත දිනට නොපවත්වා එය කල් දැමීම සඳහා ක්‍රියා කරන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් පසුගිය කාලයේ චෝදනා එල්ල විය.

(under the courtesy of hitnews.lk news web)

Related posts

සියලු පක්‍ෂ ඉල්ලුවොත් ධුරයෙන් ඉවත් වෙන්න සූදානම් යයි ජනපති දන්වලා…

Shiran Viraj

අමෙරිකානු ඩොලරය රු. 155 පන්නයි

Shiran Viraj

දුමෙන් තොර පරිසරය දිගු කරයි ඔබේ දිවිය

Shiran Viraj
Translate »