mediahumanrights.lk
News Political

ඇමති ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංගයක්

ඇමති ෆයිසර් මුස්තාෆාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් අද (23) කථානායකවරයාට භාර දී තිබේ.
මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ඊට අත්සන් තබා ඇති බව වාර්තා වේ.
දිවා විවේකයට පෙර එය භාර දීමට උත්සාහ කළත් විවේකයෙන් පසුව එය භාර ගන්නා බව කතානායකවරයා පවසා ඇති අතර පසුව භෝජනාගාරයට ගොස් දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් එය භාර දී ඇත.
තමන් ඇතුළු මන්ත්‍රීවරු හෙට (24) දිනයේ ඇමති ෆයිසර් මුස්තාපාට එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසා තිබේ.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා, පළාත් පාලන මැතිවරණය නියමිත දිනට නොපවත්වා එය කල් දැමීම සඳහා ක්‍රියා කරන බවට ඒකාබද්ධ විපක්ෂයෙන් පසුගිය කාලයේ චෝදනා එල්ල විය.

(under the courtesy of hitnews.lk news web)

Related posts

පොහොට්ටුව ලකුණින් තරග කරන්නට ශ‍්‍රීලනිපය සූදානම්..

Shiran Viraj

ශ්‍රී ලාංකිකයන් සහිත නැව මුදා ගන්න කණ්ඩායම් 04 ක් මෙහෙයුම් අරඹයි

Shiran Viraj

අගමැති කැඳවූ හිටපු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම ඇරඹෙයි – විපක්ෂයේ ප්‍රධාන පක්ෂ රැස්වීම මඟහරියි

Shiran Viraj