mediahumanrights.lk
Local NewsNews

අම්මා නැති වෙලාවේ කට ගොන්නක් බී ගෙට පැන දැරිය දූෂණය කරද්දී මාමාගේ අතටම අහුවෙයි

නිවසේ තනිවම සිටි වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවියක් දුෂණය කර පලා
යාමට උත්සාහ කළ සැකකරුවෙකුව ගම්වාසීන් විසින් අල්ලා ගෙන පුත්තලම පොලීසියට බාර දී ඇත.
පොලිස් බාරයට පත්ව ඇත්තේ පුත්තලම – පාලාවිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයකි.
පසුගිය 12 වැනිදා දහවල් දැරිය පමණක් නිවසේ තනිවම සිටින විට පැමිණ ඇති සැකකරු ඇයට අතවර කර ඇත.
එම අවස්ථාවේදී දැරියගේ මවගේ
සහෝදරයෙකු නිවසට පැමිණ ඇත. ඒ බව දැක ඇති සැකකරු පලා යාමට
උත්සාහ කර ඇත. නමුත් දැරියගේ මාමා විසින් සැකකරු අල්ලා ගෙන
පොලීසියට බාර දීමට කටයුතු කර ඇත.
සැකකරු මෙම අපරාධය සිදු කරන විට අධික ලෙස මත්පැන් පානය කර සිට
ඇති බව කියයි.
අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍ය ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහල ඇතුළත් කර ඇත.
සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
(under the courtesy of adaderana.lk news web)

Related posts

ජනපති ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය ජන්ද විමසීමකින් තොරව සම්මත වෙයි

Shiran Viraj

ඌවේ මහ ඇමති විදුහල්පතිනිය දණ ගස්වයි

Shiran Viraj

පාසැලේ තාප්පයක් කඩා වැටේ.. සිසුවියක් මරුට.. සිසුන් පහක් රෝහලේ..

Shiran Viraj
Translate »