mediahumanrights.lk
Local NewsNews

අධිකරණය මග හැර සිටි චුදිතයෙකු අත්අඩංගුවට

නෝටන් බ්‍රිජ් පොලිස් වසමට අයත් අළුඔය ප්‍රදේශයේ ස්ත්‍රි දුෂණයක් සිදුකර මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරිම සමිබන්ධයෙන් මරණ දඬුවම නියම වු චුදිතයෙකු අධිකරණය මගහැර සිටියදි නෝටන් බ්‍රිජ් පොලිසිය මගින් එම චුදිතයා කොළඹ ප්‍රදේශයේ සැඟව සිටියදි ඊයේ (09) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ නෝටන්බ්‍රිජ් අළුඔය ප්‍රදේශයේ පදිංචි ඉලංගකෝන් තිසේරා නොහොත් කමලදාස් නැමැති අයෙක්.
මෙම චුදිතයා ඇතුලූ ඔහුගේ සහෝදරයන් දෙදෙනෙකු විසින් 2009.08.04 දින නෝටන් බ්‍රිජ් අළුඔය ප්‍රදේශයේ පියා ඝාතනය කර මරණකරුගේ දුව දුෂණය කිරිමේ චෝදනාව මත නුවරඑළිය මහා අධිකරණයේවි භාග වු නඩුවක් එම මහාඅධිකරණයේ මහා අධිකරණ විනිසුරුවශයෙන් කටයුතු කළ ලලිත් ඒකනායක මහතා විසින් 2016.03.16 දින එම සැකකරුවන් තිදෙනාට මරණදඬුවම නියමකර තිබෙනවා.
එම නියෝගය ලබාදෙන දිනයේ සහෝදරයන් දෙදෙනා පමණක් මහා අධිකරණය වෙත ඉදිරිපත් වී ඇති අතර ප්‍රධාන චුදිතයානඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන අවස්ථාවේ අධිකරණය මගහැර සිට ඇති බවයි නෝටන් බ්‍රිජ් පොලිසිය පැවසුවේ.
එදින සිට තමන් පදිංචි ස්ථානය මගහැර කොළඹ ප්‍රදේශයේ කුලි වැඩකරමින් සිටි මෙම සැකකරු සමිබන්ධයෙන් නෝටන් බ්‍රිජ් පොලිසියේ බුද්ධි නිළධාරින් වෙත ලද තොරතුරක් මත ඔහුගේ ජංගම දුරකථනයක් ඔස්සේ පරික‍ෂණ පවත්වා උපායදුතියකු යොදා ගනිමින් කොළඹ ප්‍රදේශයට ගොස්චුදිත අත්අඩංගුවටගෙන තිබෙනවා.
අත්අඩංගුව ගත් චුදිතයා අද (10) හැටන් දිසා විනිසුරු හා මහේස්ත්‍රාත්එස්.සරවරනරාජා මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම චුදිතයාව බන්ධනාගාර නිළධාරින් හරහා නුවරඑළිය මහාඅධීකරණය වෙත ඉදිරිපත් කරන ලෙසනෝටන් බ්‍රිජ් පොලිසියට නියෝග කළා.
(under the courtesy of nethnews.lk news web)

Related posts

බැංකු කාඩ්පත්වලට අමතර ගාස්තු අය කරන වෙළෙඳුන්ට මහ බැංකුවෙන් රතු එළියක්!

Shiran Viraj

ජාත්‍යන්තර ඒඩ්ස් දිනය වෙනුවෙන් අගමැතිගෙන් පණිවිඩයක්

Shiran Viraj

වෙලදුන් භාණ්ඩ හිඟයක් මවමින් මිල ඉහළ නංවනවා.. අත්‍යාවශ්‍ය ආහාර තොග පවත්වාගෙන යන්න..- ජනපති

Shiran Viraj
Translate »