23 C
Colombo
2026-01-22
mediahumanrights.lk
NewsPolitical

අකිල මොන්ටිසෝරියේ කොලිටි එක උස්සන්න යයි

පෙර පාසැල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම  සඳහා ඉදිරියේදී අධ්‍යාපන අමාත්‍යංශය, ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පෙර පාසැල් සඳහා මූල්‍යාධාර ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින්  අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
පෙර පාසැල් අධ්‍යාපනය දරුවන්ගේ ජීවිතවල මූලික පදනම සකස් කරන බැවින් ඒ සඳහා සුවිශේෂී අවධානයක් යොමු කළ යුතු බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ජාත්‍යන්තර සහය ලබා ගනිමින් පෙර පාසැල් ගුරුවරුන් පුහුණු කිරීම, පෙර පාසැල් සඳහා අවශ්‍ය සියලු පහසුකම් සැපයීම සිදුකළ යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

බැදුම්කර වංචාවට රවි කරුණානායක අත්අඩංගුවට නොගන්නැයි නියෝග කෙරේ..

Shiran Viraj

කොට්ටාවේ වෙළෙඳසැලක ගින්නක්

Shiran Viraj

පාර්ලිමේන්තු ඉතිහාසයේ මුල් වරට පත් කල කොකේන් කමිටුව මෙන්න..සභාපති නම් කොකේන් නොගහන බව රන්ජන් කියයි

Shiran Viraj
Translate »