mediahumanrights.lk
NewsPolitical

රාජපක්ෂලාගේ හොරකම් හොයන්න ජනාධිපති කොමිසමක් – ජනපති එජාපයට දැනුම් දෙයි

හෙජින් ගනුදෙනුව, ග්‍රීක් බැඳුම්කර සිදුවිම, එයාර් ලංකා ගනුදෙනුව ආදී පෙර ආණ්ඩුව සමයේ සිදුවු සිදුවිම් පිළිබඳව විමර්ශනය කිරීමට ජනාධිපති කොමිසමක් පත් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එජාප පසුපෙළ මන්ත්‍රීවරුන්ට දන්වා ඇත.
එවන් කොමිසමක් පත්කරන ලෙස එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් වන මුජිබර් රහුමාන්, ආශු මාරසිංහ, ජේසි අලවතුවල ඇතුළු එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය 18 වැනිදා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති අතර එම අවස්ථාවේදී ජනාධිපතිවරයා එවන් කොමිසමක් පත් කරන බවට පොරොන්දු වී ඇත.
අප සමඟ අදහස් දැක් වු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැවසුවේ ජනාධිපතිවරයා පොරොන්දු වු ආකාරයට එවන් කොමිසමක් පත් කරනු ඇතැයි තමා ඇතුළු එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් 51 දෙනා බලාපොරොත්තු වන බවයි.
මාසයකට වරක් ජනාධිපතිවරයා එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් හමු වීමට නියමිත නිසා එම රැස්වීම්වලදී පොරොන්දුව ඉටු නොකළොත් ඒ ගැන විමසන බව මුජිබර් රහුමාන් මහතා පැවසිය.
(under the courtesy of hitnews.lk news web)

Related posts

ගුරු වර්ජනය දිනයි.. දීමනා ඉහලට…

Shiran Viraj

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඩොලර් මිලියන 4.5ක ක්ෂණික ආධාර

Shiran Viraj

ජානිපෙන් මෙවර පාර්ලිමේන්තුවට 06ක්…

Shiran Viraj
Translate »