mediahumanrights.lk
Local NewsNews

යළිත් තෙල් අර්බුදයක් ඇති විය හැකි බවට අර්ජුන අනතුරු අඟවයි

නැවත වතාවක් තෙල් නැව් දෙක තුනක් පරක්කු වීමෙන් පසුගිය දා රට තුළ සිදුවු දෙයම සිදුවිය හැකි බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ඊයේ(12) දිනයේ දී මහනුවර දී මාධ්‍යවේදීන් විසින් නගන ලද පැනයටකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
තෙල් හිඟයකට මුහුණ දීමේන් හොඳ පාඩමක් ඉගෙන ගත් බවත්, ඉදිරියේ දී තම අයිතිවාසිකම් ලබා ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
රටට මේ මොහොතේ මුදල් නොමැති බවත්, ආයෝජකයෙක් ගෙන්වා ගෙන හෝ තෙල් පිරිපහදුවක් සාදා ගත යුතු බව ද පැවසු අමාත්‍යවරයා, ඉන් වසර 5ක් තුළ දී ලාබ ඉපැයිය හැකි බවද කියා සිටියේය.
මේ වන විට ඒ සම්බන්ධයෙන් හා තවත් කාරණා කිහිපයක් ගැන සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු පැවසීය.

මේ අතර රට තුළ ඉතා ඉහළ ජිවන වියදමක් පවතින බවත් ඒ හේතුව නිසාවෙන්ම තෙල් මිල ඉහළ දැමීමකට කිසිසේත් අවතීර්ණ නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

පරිසර සභාවේ 13 වන සැසිවාරය ජනපති ප්‍රධානත්වයෙන්

Shiran Viraj

සාමාන්‍ය පෙළ විභාගය නියම කර ඇති දින‌ට පැවැත්වීම ගැටලුවක් : අධ්‍යාපන ඇමති

Shiran Viraj

විග්නේෂ්වරන් පළාත් කෘෂිකර්ම සහ අධ්‍යාපන අමාත්‍යාංශවල දිවුරුම් දෙයි

Shiran Viraj
Translate »