28 C
Colombo
2024-07-27
mediahumanrights.lk
Local News News

යළිත් තෙල් අර්බුදයක් ඇති විය හැකි බවට අර්ජුන අනතුරු අඟවයි

නැවත වතාවක් තෙල් නැව් දෙක තුනක් පරක්කු වීමෙන් පසුගිය දා රට තුළ සිදුවු දෙයම සිදුවිය හැකි බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.
ඊයේ(12) දිනයේ දී මහනුවර දී මාධ්‍යවේදීන් විසින් නගන ලද පැනයටකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
තෙල් හිඟයකට මුහුණ දීමේන් හොඳ පාඩමක් ඉගෙන ගත් බවත්, ඉදිරියේ දී තම අයිතිවාසිකම් ලබා ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
රටට මේ මොහොතේ මුදල් නොමැති බවත්, ආයෝජකයෙක් ගෙන්වා ගෙන හෝ තෙල් පිරිපහදුවක් සාදා ගත යුතු බව ද පැවසු අමාත්‍යවරයා, ඉන් වසර 5ක් තුළ දී ලාබ ඉපැයිය හැකි බවද කියා සිටියේය.
මේ වන විට ඒ සම්බන්ධයෙන් හා තවත් කාරණා කිහිපයක් ගැන සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු පැවසීය.

මේ අතර රට තුළ ඉතා ඉහළ ජිවන වියදමක් පවතින බවත් ඒ හේතුව නිසාවෙන්ම තෙල් මිල ඉහළ දැමීමකට කිසිසේත් අවතීර්ණ නොවන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

03 වැනිදා සිට රට ෂට්ඩවුන් කරනවා..

Shiran Viraj

‘යුක්තිය’ මගින් නීති නොකඩනු.. මානව හිමිකම් රකිනු..- පොලිස් කොමිසම දේශබන්දුට දන්වයි..

Shiran Viraj

ලෝක ජනගහනයෙන් දහයෙන් එකකට කොවිඩ්19 වෛරසය වැළඳිලා-ලෝක සෞඛ්‍යය සංවිධානය

Shiran Viraj