25 C
Colombo
2025-12-10
mediahumanrights.lk
Local NewsNews

‘‘මම පාරෙ යද්දි කවුද කට්ටියක් මාව අල්ලලා කැලේට විසි කරා‘‘ මහියංගනයේ කැලෑවක් මැද මහළු මවක්..!! පොලිස් නිළධාරියෙක් පිහිට වෙයි. (PHOTO)

බදුල්ල මහියංගනය ප්‍රධාන මාර්ගයේ 19 වැනි කිලෝමීටර් කණුවට නුුදුරින් මීටර් පිහිටි මහ වන ලැහැබක අතරමංව සිටි වයෝවෘද්ධ මවක් ප්‍රධාන මාර්ගයට උසුලාගෙන පැමිණ ඇයට ආහාර පාන ලබාදීමට  පොලිස් නිළධාරියෙකු කටයුතු තර තිබෙනවා. ඔහු රාජකාරී නිමකර නිවස බලා එමින් සිටියදී මෙම සත්ක්‍රියාව සිදු කර ඇති අතර ඒ සඳහා ප්‍රදේශවාසීන්ගේ සහයද නොමදව ලැබී තිබෙනවා.
රැය පහන් වන තුරු වැස්සට තෙමෙමින් අධික කුසගින්නේ සිටි මෙම මහළු කාන්තාව එම ආහාර පාන ලබා දුන් පොලිස් නිළධාරියාට සහ ගම්වාසීන්ට පිං දෙමින් එම ආහාර  අනුභව කර තිබෙනවා.මෙම කාන්තාව මෙලෙස වනයේ අතරමංවීමට හේතුවත් සොයා ගෙන නැතත් ඇය පවසන්නේ පසුගියදා ඇය මාර්ගයේ ගමන් කරමින් සිටියදී කිසියම් පිරිසක් විසින් තමන්ව කැළයට ඇද දැමූ බවයි.
එසේම ඇයගේ නම ගම හෝ අනන්‍යතාවයක් ප්‍රකාශ කිරීමට නොහැකි වූ ඇය යම්කිසි මානසික රෝගයකින් පෙළණ බව ඇය හැසිරෙන ආකාරයෙන් හෙලිවන බවද එම ස්ථානයේ සිටි පිරිස් ප්‍රකාශ කලා. පසුව පොලිස් හදිසි ඇමතුම් අංශයට අමතා මෙම කාන්තාව ප්‍රථිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබුනා.

(under the courtesy of nethgossip.lk news web)

Related posts

සදුදා සිට රට පුරාම තෙල් නෑ.. අද එන්නේ ඊයේ ඔ්ඩර් කල තෙල්.. නව ඇණැවුම් නෑ.. – ෂෙඩ් සභාපති…

Shiran Viraj

මහ ඇමති විග්නේෂ්වරන්ට සහය පළ කරමින් අද උතුරේ හර්තාල්

Shiran Viraj

ශ්‍රී ලංකාවට ඇපල් සමාගමෙන් ආධාර

Shiran Viraj
Translate »