mediahumanrights.lk
BusinessBusiness NewsNews

CIC රුපියල් මිලියන 238 කට කෘෂි රසායනික සමාගමක් මිල දී ගනී

පොහොර, රසායනික හා ඖෂධ කර්මාන්තයේ නිරත මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් සමූහයක් වන CIC හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් Unipower (පුද්) සමාගමේ 70% ක කොටස් හිමිකාරීත්වය අද (16) දිනයේ දී මිල දී ගෙන තිබේ.
විශේෂ වූ පොහොර, කෘෂි රසායනික ඇතුළු කෘෂි යෙදවුම් සඳහා විශේෂීකරණය වූ සමාගමක් ලෙසින් Unipower (පුද්) සමාගම සැලකේ. Yara, Everris, Grow More, Farmcochem, Gineger, Goizper යනා දී ලොව ප්‍රමුඛ පෙළේ කෘෂි යෙදවුම් ගණනාවක මෙරට නියෝජනය සිදුකරනු ලබන්නේ Unipower (පුද්) සමාගම විසිනි.
CIC හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් අද දින Unipower (පුද්) සමාගමේ කොටස් 376,000 ක් මිල දී ගනු ලැබූ අතර ඒ සඳහා එක් කොටසකට ගෙවන ලද මිල රුපියල් 632.17 කි. මේ අනුව මෙම ගනුදෙනුවේ මුළු වටිනාකම රුපියල් 238,075,222.00 ක් වේ. මෙය Unipower (පුද්) සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් 70% කි.
මේ අනුව අද දින සිට Unipower (පුද්) සමාගම, CIC හෝල්ඩිංග්ස් පීඑල්සී හි පරිපාලිත සමාගමක් බවට පත්වනු ඇත.

(under the courtesy of adaderana news web)

Related posts

කැන්ඩි ටස්කර්ස් පරදවා කලම්බු කින්ග්ස්ට ජය

Shiran Viraj

ජනාධිපතිතුමා එතුමාගෙන් පටන් ගත්තා.. මම මගෙන් පටන් ගත්තා..

Shiran Viraj

පියසිරි රාමනායක වයඹ ක්‍රීඩා ඇමති ධූරයට

Shiran Viraj
Translate »