2026-02-12
mediahumanrights.lk
LIFELIFE NEWSNews

ශ්‍රී ලංකාවේ සිය දිවි හානි කර ගැනීම් බහුල ඇයි?

කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේසඥ රූමි රුබන් මහතා සිය FACEBOOK පිටුවේ අද දිනයේ වටිනා අදහසක් බෙදාගෙන තිබුනා. ලංකාවේ මානසික සෞක්‍යය නගා සිටුවීම වෙනුවෙන් ඇති දැවැන්ත කාර්යභාරයක් ඉටු කරන එතුමාගේ ලිපිය අපේ වෙබ් අඩවියේ පළකලේ එතුමාගේ අවසර ඇතිවයි. GOODHOUSEKEEPING.LK කියවන ඔබ මේ ලිපිය හොඳින් කියවන්න. තව කෙනෙක්ට බලන්න ශෙයා කරන්න. රටක් වශයෙන් අපි මේ ජාතික ව්‍යවසනය දුරු කර ගැනීමට එකාවන්ව අත්වැල් බැඳගමු.
සියදිවි නසා ගැනීම ගැන මෙතරම් කතා කරන තවත් ලෝකයේ රටක් නැතිව ඇති. ඒත් තවමත් සියදිවි නසා ගැනීම් අතින් අප ලෝකයේ ඉහළම තැනක් ගන්නවා
දැනට ලංකාවේ සිදුකළ පරීක්ෂණාත්මක අධ්‍යයන වලින් පෙනෙන දෙයක් නම්, මේ සියදිවි නසා ගැනීම් සදහා බොහෝ විට හේතුවන්නේ ප්‍රතිකාර නොලැබූ විශාදය හා සියදිවි නසාගැනීමේ ආවේගවලට මුල්වන විවිධ ⁣ පෞරුෂත්ව ගැටලු බවයි.
සියදිවි නසාගැනීම වැළැක්වීම සඳහා දියුණු ක්‍රම වේද භාවිතා කරන සෞඛ්‍ය සේවයේ ඉහළම තලවල සිටින කිසිම රටක සියදිවි නසා ගැනීම සම්පූර්ණයෙන්ම නවත්තලා නැහැ.
ඒ කෙසේ වෙතත් අපේ රටේ සියදිවි නසා ගැනීම් තවමත් බහුල වීමට විශේෂ කාරණා කීපයක් බලපාන බව ⁣පේ⁣නවා.
විශාදයෙන් පෙළෙන බොහෝ අය හා සාමාන්‍ය ජනතාවගෙන් බහුතරය සාමාන්‍ය දුක හා විශාදය අතර ඇති වෙනස හඳුනා නොගන්නා අතර ඵම නිසාම ඵ් සඳහා ප්‍ර්‍රතිකාර ලබාගැනීමට මැලි ⁣විම.
විශාදයට ප්‍රතිකාර ගැනීම සඳහා අත්‍යවශ්‍ය, රෝගීන් හඳුනා ගැනීම හා යොමු කිරීම බොහෝ විට සිදු නොවන අතර එසේ සිදු වුවත් ප්‍රතිකාර ගැනීම පමා විම හෝ ප්‍රතික්ෂේප කිරීම.
විශාදය ආදරය ලැබීමෙන්, සවන් දීමෙන් හා කතා කිරීමෙන් සම්පූර්ණයෙන් සුව වෙන බව විශ්වාස කිරීම හා ඵවැනි මිත්‍යා මත ප්‍රවර්ධනය කිරීම
විශාදය සදහා, ප්‍රතිකාර ලබාගැනීම, ප්‍රතිකාර ලබාදීම , ප්‍රතිකාර ලබාදෙන සේවාවන් හා ආයතන වැඩි දියුණු කිරීම , මානසික සෞඛ්‍යය අත්‍යවශ්‍ය නොවන ලෙස සැලකීම හා ඒ වෙනුවෙන් කැපවෙන කණ්ඩායම් අධෛර්යමත් කිරීම
විශාදය සෑදීම සඳහා මූලිකව, ජීව විද්‍යාත්මක හේතු හා ළමා කාලයේ ඇති ගැටුම්කාරී අන්තර් සම්බන්ධතා බලපාන අතර විශාදය යම්කිසි අවස්ථාවක මතු වීම සඳහා බලපාන හා එහි රෝග ලක්ෂණයක් ලෙස සිය දිවි නසා ගැනීමේ සිතිවිලි ඇතිවෙන පීඩාකාරි ජීවන අත්දැකීම් බහුල තාක්ෂණික, සංස්කෘතික හා සමාජීය, සංක්‍රාන්ති යුගයක ජීවත් වීම
තරගකාරි අධ්‍යාපන රටාවත් අත්දැකීම් විරල ජීවන රටාවත් නිසා, සරල ජීවන ගැටලු, අන්තර් පුද්ගල ගැටලු හා වියෝ දුක, විසඳාගත නොහැකි වු සමාජ කුසලතා විරල තරුණ පරපුරක් බිහිවීම.
goodhousekeeping.lk

Related posts

මැතිවරණය 20 තියන්න බෑ.. සෞඛ්‍ය නිර්දේශඅත්‍යවශ්‍යයි..- මැකො ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි..

Shiran Viraj

ඇඳිරි නීති රෙගුලාසි කඩ කරමින් අනවසරෙන් මැණික් ගැරූ 5ක් අල්ලයි

Shiran Viraj

කැළඹුණු කාලගුණය : පැයට කිලෝමීටර් 80-90ත් අතර ප්‍රහාරාත්මක සුළං

Shiran Viraj
Translate »