mediahumanrights.lk
BusinessBusiness NewsNews

ශ්‍රී ලංකාවේ දුප්පත්කම 4.1% දක්වා අඩුවෙලා – සමීක්ෂණ වාර්තාවක් කියයි

ශ්‍රී ලංකාවේ දුප්පත්කම අඩුවීමේ ප්‍රවණතාවයක් පසුගිය වසර 14 තුළදීම දක්නට ලැබුණු බවත් ඒ අනුව 2002 වර්ෂයේ දී 22.7%ක්ව පැවැති ජනගහන දරිද්‍රතා අනුපාතය 2016 වසරේදී 4.1% දක්වා අඩු වී ඇති බවත් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව මඟින් රටේ ඒකක ආදායම, වියදම හා ආදායම් විෂමතා පිළිබඳව සොයාබැලීම සඳහා 2016 සිදුකළ සමීක්ෂණයකදී මේ බව හෙළි වී තිබේ. මුළුරටම ආවරණය වන පරිදි නිවාස ඒකක 25,000ක නියැදියක් යොදා ගනිමින් 2016 ජනවාරි සිට 2016 දෙසැම්බර් දක්වා වූ කාලය තුල මෙම සමීක්ෂණය පවත්වා ඇත.
පසුගිය දශක කිහිපය තුළ ජාතික මට්ටමින් දුප්පත්කම අඩුවීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කළද දුප්පත්කමේ අසමානතා තවමත් පළාත් මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් හා නාගරික ග්‍රාමීය හා වතුයන අංශ මට්ටමින් දක්නට ලැබෙන බව ද එම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

හිටපු අමාත්‍ය ටි.බි. ඒකනායක අභාවප්‍රාප්ත වෙයි

Shiran Viraj

කන්කසන්තුරේ වරායෙන් තෙල් ගොඩබායි

Shiran Viraj

තැපැල් වර්ජනය ඇරඹෙයි – නියෝජ්‍ය ඇමතිගේ සහයත් වර්ජකයින්ට

Shiran Viraj
Translate »