mediahumanrights.lk
NewsSportsSports News

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ යෂ්ටිය ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කොස්ට් හිදී පැවැත්වීමට නියමිත 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සමගාමීව ලොව පුරා පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවලට රැගෙන යන බ්‍රිතාන්‍ය මහා රැජිනගේ පණිවුඩය රැගත් විශේෂ යෂ්ටිය ඊයේ (12) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.
1930 දී බ්‍රිතාන්‍යයේ පැවති පළමු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේදී පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායිකාව ලෙස එලිසබත් මහ රැජිණ නිකුත්කළ පණිවිඩය රැගත් මෙම යෂ්ටිය ක්‍රීඩා උළෙල පැවැත්වෙන සමයේ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල ප්‍රදර්ශනය කිරීම සම්ප්‍රදායකි.
යෂ්ටිය රැගත් විශේෂ නියෝජිත පිරිස අද පස්වරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ශී්‍ර ලංකාවට ළගා වූහ.
අනතුරුව කොළඹ කිංග්ස්බරි හෝටලය අභියස සිට අලංකාරවත් පෙරහැරකින් යෂ්ටිය ජනාධිපති මන්දිරය වෙත රැගෙන ඒම සිදු විය.
එහිදී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් එය උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඇතුථ මැති ඇමතිවරු පිරිසක් ද, සුසන්තිකා ජයසිංහ, ශ්‍රීයානි කුලවංශ. දමයන්ති දර්ශා, ඩිලන්ත මාලගමුව යන මහත්ම මහත්මීන් ඇතුථ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
dinamina.lk

Related posts

ගතවූ පැය 24 වැඩිම ආසාදිතයින් කොළඹින් : බන්ධනාගාර පොකුරත් 500 ඉක්මවයි

Shiran Viraj

අම්මා නැති වෙලාවේ කට ගොන්නක් බී ගෙට පැන දැරිය දූෂණය කරද්දී මාමාගේ අතටම අහුවෙයි

Shiran Viraj

මනීෂාට පෙම් ගී ගයන්න ආරාධනා කළේ කවුද?

Shiran Viraj
Translate »