31.1 C
Colombo
2026-03-02
mediahumanrights.lk
BusinessBusiness NewsNews

එන්ට්‍රස්ට් මුදල් ගිලපු හැටි ගිණුම් වාර්තා හෙළි කරයි

රජයේ සුරැකුම්පත් සඳහා ප්‍රාථමික අලෙවිකරුවෙකු වන එන්ට්‍රස්ට් සිකියුරිටීස් සමාගමේ 2017 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා වන ඊයේ (12) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත ඉදිරිපත් කර තිබේ.
එම වාර්තාවන්ට අනුව 2016 ජූනි 30 වන විට රුපියල් මිලියන 16,401.07 ක්ව පැවති සමස්ත වත්කම් ප්‍රමාණය 2017 ජූනි 30 වන විට රුපියල් මිලියන 753.97 දක්වා පහළ ගොස් ඇත.
මෙහිදී කැපී පෙනෙන කරුණ නම් සමාගම විසින් දී ඇති ණය හා ලැබිය යුතු මුදල් රුපියල් බිලියන 14.8 සිට රුපියල් මිලියන 339.47 දක්වා අඩු වී තිබීමයි.
වසරක කාලයක් තුළ දී සමාගමේ කොටසක් සඳහා වන ශුද්ධ වත්කම්වල වටිනාකම රුපියල් 37.32 සිට රු. 351.17 දක්වා සෘණ අගයයක් දක්වා පහළ බැස තිබේ.
එසේම කොටස්කරුවන්ගේ අරමුදල් ද වසරක කාලයක් තුළ දී රුපියල් බිලියන 1.23 සිට රුපියල් බිලියන 11.588 ක සෘණ අගයයක් දක්වා පහත වැටී ඇත.
පහත දැක්වෙන්නේ 2016 හා 2017 වසරවල ජූනි මස 30 දින අවසානයේ දී එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි මූල්‍ය තත්ත්වය පිළිබිඹු වූ ආකාරයයි.
සමාගම තුළ සිදුවූ මුදල් අක්‍රමිකතා හේතුවෙන් එහි පාරිපාලනය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවට පවරා ඇති අතර සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන්ගේ වත්කම් තහනම් කිරීමට ද පසුගිය කාලයේ දී පියවර ගැනුණි.

(under the courtesy of adaderana news web)

Related posts

මා බලය ගන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදීවයි.. සන්නද්ද අරගලයකින් නොවේ..- උවිදු

Shiran Viraj

කොරෝනා මැඩලූ කොරියා ජනපතිට මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක්.. විපක්‍ෂය සෝදාපාලුවකට ලක්වේ..

Shiran Viraj

මා බූස්ටර එන්නත ගත්තේ නැති නිසා කොරෝනා හැදුනා..- ආසාදිත රාජ්‍ය ඇමතිගෙන් රටට පණිවුඩයක්..

Shiran Viraj
Translate »