2026-02-12
mediahumanrights.lk
NewsSportsSports News

කපුගෙදර විස්සයි විස්ස ගැටුමෙන් ඉවතට

ඉන්දීය කණ්ඩායම සමග හෙට පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
උපුල් තරංග එහි නායකයා ලෙස කටයුතු කරන අතර විකුම් සංජය සහ සීකුගේ ප්‍රසන්න ද 20යි 20 සංචිතයට ඇතුළත්.
දසුන් ශානක, ජෙෆ්රි වැන්ඩර්සේ සහ ඉසුරු උදාන ද ඊට ඇතුළත් සෙසු ක්‍රීඩකයන් වනවා.
ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ඩිල්ෂාන් මුණවීර සහ මිලින්ද සිරිවර්ධන ද සංචිතයට ඇතුළත්. වනිඳු හසරංග, අකිල ධනංජය, තිසර පෙරේරා, ලසිත් මාලිංග සහ සුරංග ලක්මාල් ද ශ්‍රි ලංකා 20යි 20 සංචිතයට ඇතුළත්ව සිටිනවා.
ආබාධයක් හේතුවෙන් චාමර කපුගෙදර මෙම සංචිතයට නම් කර නැහැ. ඉන්දු ශ්‍රී ලංකා පන්දුවාර 20 ක්‍රිකට් තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී හෙට රාත්‍රී 07.00ට ආරම්භ වීමට නියමිතයි.
(under the courtesy of nethfm news web)

Related posts

95" තවමත් හිඟයි! රට තැන තැන තෙල් හිඟය තවමත්

Shiran Viraj

සියල්ලට පිළිතුරු දෙමින් මැතිව්ස් පියඹා ගොස් රැකගත් සුපිරි උඩපන්දුව මෙන්න

Shiran Viraj

පොල් සඳහා උපරිම මිලක්

Shiran Viraj
Translate »