mediahumanrights.lk
Local NewsNews

ඉන්දියාවෙන් ලංකාවට තවත් නැවක්

ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත්ව තිබූ ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාවක් ශ්‍රී ලංකා රජය වෙත බාර දී තිබේ.
ඉන්දියාවේ කොචින් වරායේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් වයිස් අද්මිරාල් රාජේන්ද්‍ර සිං මහතා විසින් මෙරට වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා වෙත එම නෞකාව නිල වශයෙන් බාරදුන් බව නාවික හමුදාව පවසයි.
මීටර් 74 කට වැඩි දිගකින් යුත් මෙම ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකාව පළලින් මීටර් 11.4ක් වන අතර එය ටොන් 1180ක ධාරිතාවකින් සමන්විත වෙයි.
නිලධාරීන් 10  දෙනෙකුට හා නාවිකයින් 98 දෙනෙකුට රාජකාරී කිරීමට අවශ්‍ය පහසුකම් සහිත මෙම නෞකාව නවීන සැහැල්ලු හෙලිකොප්ටර් යානා ගොඩබැස්විය හැකි ගුවන් පථයකින් ද සමන්විත බව නාවික හමුදාව පවසයි.
එම නෞකාව ශ්‍රී ලංකාව අවට මුහුදු සීමාව තුළ මුර සංචාර, සෝදිසි මෙහෙයුම් , මානුෂීය සහන සහ ආපදා ප්‍රතිචාර මෙහෙයුම් සඳහාත් නාවික පුහුණු කාර්යයන් සඳහා ද යොදා ගැනීමට නියමිත බව සඳහන් වෙයි.
(under the courtesy of adaderana news web)

Related posts

මුසම්මිල්ගේ ප්‍රහාරයෙන් විජිත හේරත් හාංසියි!

Shiran Viraj

ප‍්‍රදේශ රැසකට ගංවතුර.. මාර්ග රැසක් ජලයෙන් යටවෙයි..

Shiran Viraj

ලෝක බැංකුවෙන් ලංකාවට තවත් ලොකු ණයක් අනුමතයි..

Shiran Viraj
Translate »