2026-07-03
mediahumanrights.lk
Local NewsNews

GMCහි ලියාපදිංචිය ගැන සයිටම් ආයතනය කරුණු දක්වයි

සයිටම් සිසුන් එක්සත් රාජධානියේ General Medical Council(GMC)වෙත බඳවා ගැනීම සම්බන්ධ ක්‍රියා පටිපාටිය යළි සලකා බැලීමට කටයුතු කරන බවට එම ආයතනයේ අයඳුම්පත් ලියාපදිංචි කිරීම් ප්‍රධානී රිචඩ් ඒමිසන් මහතා තහවුරු කරයි.
මේ වන විට එක්සත් රාජධානියේ GMC හි අයඳුම්පත් ලියාපදිංචි කිරීම් පිළිබඳ ජනමාධ්‍යවල පළවන ඇතැම් වාර්තා සම්බන්ධයෙන් සයිටම් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින්  මේ බව පවසා ඇත.
මෙම ගැටළුවට අදාළ නෛතික හෝ වෙනත් කරුණු තීරණය කිරීමට තමන්ට හැකියාවක් නොමැති නමුත් ශ්‍රී ලංකා රජය හෝ වෙනත් නීතිමය ආයතනයක් මඟින් ලබා දෙන තීන්දුවකට අනුව කටයුතු කිරීමට තමන් පියවර ගන්නා බව ද GMC ආයතනය සයිටම් ආයතනය වෙත දැනුම් දී ඇත.
තම උපාධිධාරින්ට GMC සඳහා අයඳුම් කිරීමට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබෙන බව සයිටම් ආයතනය මඟින් මෙහිදී පෙන්වා තිබේ.
සයිටම් සිසුන් GMC සඳහා අයඳුම් කිරීම වැළැක්වීමට මැදිහත් වී ඇත්තේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව බව ද එම නිවේදනයේ දක්වා ඇත.
(under the courtesy of adaderana news web)

Related posts

තවත් කොරෝනා ආසාදිතයන් 166ක්…

Shiran Viraj

සමයං ඇතුළු හත් දෙනෙකු ඝාතන සිදුවීමේදී බන්ධනාගාරයේත් අතපසුවීම්

Shiran Viraj

වර්තමාන රජය පහසුවෙන් බිඳ නොවැටෙන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි

Shiran Viraj
Translate »