25.6 C
Colombo
2026-03-01
mediahumanrights.lk
Local NewsNews

වංචාකාරයන්ට දඬුවම් දෙනතුරු ලංවීම වර්ජනයේ

කුමන වරප්‍රසාද ලබා දෙන බවට ප්‍රකාශ කළ ද විදුලි බල මණ්ඩලයේ සිදුව ඇති වංචාවට අදාල වගකිව යුත්තන්ට එරහිව  දඬුවම් කරනතුරු  තමන් යලි සේවයට වාර්තා නොකරන බව විදුලි  බල සේවකයින් පැවැසීය.
ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති මේ වන විට වර්ජනයක් ආරම්භ කර ඇති අතර අද(18) මධ්‍යම රාත්‍රී සිට තාක්ෂණික ඉංජිනේරුවරු හා අධිකාරි සංගමය ද මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එක්වීමට තීරණය කර ඇත.
කෙසේ වෙතත් ඊයේ(17) දිනයේ විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළේ වර්ජනයේ යෙදුණු දින දෙක සදහා වැටුප් සහිත නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බැවින් අද දිනයේ සිට සේවයට වාර්තා කරන ලෙසයි.
එහෙත් තමන් කිසිදු අවස්ථාවක ගැටළු විසදන තුරු සේවයට වාර්තා නොකරන බව වර්ජනයේ නිරත වෘත්තිය සමිති පැවැසීය.
(under the courtesy of adaderana news web)

Related posts

උද්දමනය පහල බහී.. අලුත්ම වාර්තාව මෙන්න..

Shiran Viraj

පළාත් සභා ඇමති සරත් වීරසේකරට පොහොට්ටුවෙන්ම විරෝධය – නරියට කුකුළා බාරදුන්නා වගේලු !

Shiran Viraj

ආගමික ස්ථානවලට අඩුවට විදුලිය දෙන්න වෙනම බලාගාර නෑ.. සූර්ය පැනල ගහගන්න..- කංචන තනි කෙලින්..

Shiran Viraj
Translate »