mediahumanrights.lk
Local News News

වංචාකාරයන්ට දඬුවම් දෙනතුරු ලංවීම වර්ජනයේ

කුමන වරප්‍රසාද ලබා දෙන බවට ප්‍රකාශ කළ ද විදුලි බල මණ්ඩලයේ සිදුව ඇති වංචාවට අදාල වගකිව යුත්තන්ට එරහිව  දඬුවම් කරනතුරු  තමන් යලි සේවයට වාර්තා නොකරන බව විදුලි  බල සේවකයින් පැවැසීය.
ලංකා විදුලිබල මණ්ඩල වෘත්තිය සමිති මේ වන විට වර්ජනයක් ආරම්භ කර ඇති අතර අද(18) මධ්‍යම රාත්‍රී සිට තාක්ෂණික ඉංජිනේරුවරු හා අධිකාරි සංගමය ද මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එක්වීමට තීරණය කර ඇත.
කෙසේ වෙතත් ඊයේ(17) දිනයේ විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සදහන් කළේ වර්ජනයේ යෙදුණු දින දෙක සදහා වැටුප් සහිත නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බැවින් අද දිනයේ සිට සේවයට වාර්තා කරන ලෙසයි.
එහෙත් තමන් කිසිදු අවස්ථාවක ගැටළු විසදන තුරු සේවයට වාර්තා නොකරන බව වර්ජනයේ නිරත වෘත්තිය සමිති පැවැසීය.
(under the courtesy of adaderana news web)

Related posts

සෞඛ්‍ය පද්ධතිය බිඳවැටීමේ තර්ජනය හමුවේ තව දුරටත් සංචරණ සීමා පනවනවා ද ?

Shiran Viraj

ලංකා ඉතිහාසයේ අමාරුම සති තුන ඇරඹුනා..- අගමැති මාධ්‍ය අමතයි…

Shiran Viraj

නවසිලන්තය සමග විස්සයි 20 තරගය අද -අබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා නොකරයි

Shiran Viraj