27 C
Colombo
2024-07-07
mediahumanrights.lk
LIFE LIFE NEWS News

මොකද්ද මේ පාකින්සන් රෝගය?

ප්‍රශ්නය – අද ඔබ සමඟ අප කතා කරන්නට අදහස්‌ කරන්නේ Parkinson නමැති රෝගය ගැනයි. මෙයට වසර 30 කට පෙර පාකින්සන් නමින් රෝගයක්‌ ගැන මේ රටේ ජනයා දැන ගෙන හිටියේ නැහැ. එහෙත් අද වන විට මේ රෝගය ගැන නිතර කියෑවෙනවා. මොහොමඩ් අලි නමැති බොක්‌සිං ශූරයාට මේ රෝගය හැදුනා. රොනල්ඩ් රේගන් නමැති ඇමරිකන් ජනාධිපතිවරයාට මෙය වැළඳුනා. දැන් ඒ දෙදෙනාම මිය ගිහින්. මොකද්ද මේ පාකින්සන් රෝගය?
වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර – මෙය වසර දහස්‌ ගණනක්‌ පැරැණි රෝගයක්‌. ආයුර්වේදය තුළ මේ රෝගය සහ එයට ප්‍රතිකාර එදා සිටම තිබුණා. මේ රෝගයට කියන ආයුර්වේද නම කම්පවාන. මෙහිදී සිදු වන්නේ රෝගියාගේ අත් පා වෙව්ලන්නට පටන් ගැනීමයි. මෙය අනිච්ඡානුගතව, එනම් ඉබේම හට ගන්නා වෙව්ලීමක්‌. ඒ නිසා රෝගියාට දෛනික කටයුතු කරගෙන යන්නට බැරි වෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාව තුළ මෙයට බෙහෙත් තිබෙනවාද කියලා මා දන්නේ නැහැ. එහෙත් ආයුර්වේද ප්‍රතිකාර මගින් ඉතා සාර්ථකව මෙය සුව කරන්න පුළුවන්.
ප්‍රශ්නය – මේ පිළිබඳ බටහිර විද්‍යාත්මක නිර්වචනය කුමක්‌ද?
වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර – මධ්‍ය ස්‌නායු පද්ධතියේ හටගන්නා රෝගී තත්ත්වයන් නිසා පෞද්ගලික ක්‍රියාත්මකභාවය කඩාකප්පල් වන බව තමයි බටහිර විද්‍යාව මගින් කියන්නේ. (මෙය ඉතා දීර්ඝ උත්තරයක කෙටි අදහසකි) මෙහි රෝග ලක්‍ෂණ ඉතා සෙමින්, ඉතා ක්‍රමානුකූලව දිගු කාල පරාසයක්‌ තිස්‌සේ මතු වෙන්නට පටන් ගන්නවා. සර්වාංගය වෙව්ලීම, ශරීරයේ දැඩි බව හෙවත් අත් පා එහා මෙහා කරන විට ඇතිවන දුෂ්කරතාව ඇවිද ගන්න බැරි වීම තමයි ප්‍රමුඛ රෝග ලක්‍ෂණ. එයට සමානුපාතිකව සිතුවිලිවල වෙනස්‌කම් ඇති වෙනවා. නිතර අමතක වෙනවා. මෙය වර්ධනය වී Dementia නමැති රෝග තත්ත්වය හටගන්නවා. මේ දැන් කළ දේ ඊළඟ මොහොතේදී අමතක වීමෙන් රෝගියා ලොකු අමාරුවක වැටෙනවා. ඊළඟට ආතතිය සහ අසහනය හට ගන්නවා. සංවේදීතාව කඩාකප්පල් වෙනවා. නින්ද නැතිවීම මානසික ප්‍රශ්න හට ගන්නවා.
ප්‍රශ්නය – මේ රෝගයට හේතුව කුමක්‌ද?
වෛද්‍ය මහාචාර්ය සුජාතා එදිරිවීර – බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව නම් එයට හේතුවක්‌ නැහැ. සමහර පර්යේෂකයන් විශ්වාස කරන්නේ ජානමය විකෘති සහ පාරිසරික හේතු නිසා මෙය හටගන්නා බවයි. පවුලක එක්‌ අයකුට මේ රෝගය තිබෙනවා නම් අනෙකාටත් එය හැදෙන්නට පුළුවන්. ඒ රෝගය බෝවන නිසා නොව ජානමය උරුමය නිසා විය හැකියි.
(under the courtesy of hirunews news web)

Related posts

යාපනය මහාධිකරණ විනිසුරුවරයාට වෙඩි තැබූ සැකකරු 16 දක්වා යළි රිමාන්ඩ්

Shiran Viraj

‘විගණකාධිපතිගේ බලතල කප්පාදුකර නැහැ’ – කරැට ආණ්ඩුවෙන් ප්‍රතිචාරයක්

Shiran Viraj

අගමැතිට සෙත්පතා අභයාරාමයේ පූජාවක්…

Shiran Viraj