mediahumanrights.lk
Local News News

මෙරටට තහනම් එන්සි සමඟ 1ක් කොටු

පකිස්ථානයෙන් ආනයනය කරන ලද මෙරටට තහනම් කර ඇති එන්සි නැමැති  මත්කුඩු ටින් විස්සක් සමඟ සැකකරුවෙකු බගවන්තලාව නගරයේදී අද (17) අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසිය පවසයි.
බගවන්තලාව නගරයේ වෙළෙඳසැලක දේව රූපයක් පිටුපස මෙම එන්සි ටින් තොගය සගවා තිබු බව බගවන්තලාව පොලීසිය කියා සිටියේය.
පාසල් ළමුන් ඇතුළු වතුකරයේ තරුණයන් ඉලක්ක කර ගනිමින් මෙම එන්සි නැමැති ග‍්‍රෑම් දහයක් අඩංගු ටින් එකක් රුපියල් තුන්සියක් වැනි මිලකට අලෙවි කර ඇති බව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඔහුට එරෙහිව හැටන් මහේස්ත‍්‍රාත් අධීකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවේය.
(under the courtesy of adaderana news web)

Related posts

Travel News – How this family of 3 can afford to travel the world year-round

Shiran Viraj

පරාජයෙන් පසු ඉන්දීය ක්‍රිකට් පුහුණුකරු කණ්ඩායම හැර යයි

Shiran Viraj

අයවැයෙන් කොපමණ සහන දුන්නත් අපට කමක් නෑ.. ඒ සියල්ල රජය උපයාගත යුතුයි..- IMF

Shiran Viraj