28.4 C
Colombo
2026-02-11
mediahumanrights.lk
Local NewsNews

ජෙනරාල් ජගත් ජයසූරියට ජනපතිගෙන් දුරකතන ඇමතුමක් ඇවිත්

හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරියට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා දුරකතනයෙන් අමතා තිබෙනවා.
ඔහුට විදෙස් රටකදී යුද අපරාධ චෝදනා ඉදිරිපත් වී ඇතැයි පළවන වාර්තා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදි විමසා ඇති බවයි දේශපාලන ආරංචි කියාසිටියේ.
ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට කිසිඳු ඇඟිලි ගැසීමක් සිදු කිරීමට ජාත්‍යන්තරයට ඉඩ නොදෙන බවට ජනාධිපතිවරයා එහිදී සහතිකයක්ද ලබාදී තිබෙනවා.
මේ අතර ජෙනරාල් ජගත් ජයසූරිය ඉකුත් සඳුදා විදේශ ලේකම් ප‍්‍රසාද් කාරියවසම්ද හමුවී ඇති බවයි දේශපාලන ආරංචි කියාසිටියේ.
ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට කිසිඳු ඇඟිලි ගැසීමක් සිදු කිරීමට ජාත්‍යන්තරයට ඉඩ නොදීම ආණ්ඩුවේ ප‍්‍රතිපත්තියක් බව විදේශ ලේකම්වරයා එහිදී අවධාරණය කර තිබෙනවා.
තමන් බ‍්‍රසීලයේ ශී‍්‍ර ලංකා තානාපති ලෙස කටයුතු කළ වකවානුව සම්බන්ධයෙන් වාර්තාවද ජෙනරාල් ජගත් ජයසූරිය මෙම හමුවේදී විදේශ ලේකම්වරයාට භාරදී ඇති බවයි දේශපාලන ආරංචි වැඩිදුරටත් පැවසුවේ.
2015 අගෝස්තු 15 වැනි දා සිට දෙවසරක කාලයක් ඔහු බ‍්‍රසීලයේ ශී‍්‍ර ලංකා තානාපති ලෙස කටයුතු කළා.
(under the courtesy of nethfm news web)

Related posts

ගාල්ලේදී එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායම ප‍්‍රබල ස්ථානයක

Shiran Viraj

රජයේ ප්‍රතිචාරය ගැන පොදුජන පෙරමුණ අවධානයෙන්

Shiran Viraj

තහනම මැද උතුරේ කොටි සැමරුම් රැසක්.. TNA මන්ත‍්‍රීන්ද එක්වෙති..

Shiran Viraj
Translate »