mediahumanrights.lk
NewsPolitical

'ගෝඨා' ගේ අලුත් සංවිධානයේ අරමුණ හෙළිවේ

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට එරෙහිව ජනතාව පෙළගැස්වීම සඳහා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් නව සංවිධානයක් ඊයේ (06) පිහිටුවා ගැණුනා.
ඒ, ‘ එළිය ’ නමින්.
මෙහිදී අදහස් දැක්වූ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ කියාසිටියේ වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යම් අඩුපාඩු පැවතියත් ඒවාට මුවාවී රට පාවාදීමට ඉඩ දිය නොහැකි බවයි.
නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට කටයුතු කරමින් සිටින්නේ රටට හිතැති පිරිසක් නොවන බවද ඔහු කියාසිටියා.
වත්මන් රජය පිළිබඳවද තමන්ට විශ්වාසයක් නොමැති බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මෙහිදී කියාසිටියා.
සම්පාදනය කෙරෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සිදුවනු ඇත්තේ වසර ගණනාවක් යුද්ධයෙන් ඉටුකර ගැනීමට නොහැකි වූ එල්. ටී. ටී. ඊ. යේ බෙදුම්වාදී අපේක්‍ෂාවන් වඩා පහසුවෙන් ඉටුකරදීමක් බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
(under the courtesy of nethfm news web)

Related posts

මිල අධික මුහුදු මසුන් බෝකිරීමේ අභිජනන මධ්‍යස්ථානයක් ඉදිකරයි

Shiran Viraj

බදු සහන දුන්නොත් IMF එකගතා අවුලක..

Shiran Viraj

Covid 19 නිසා බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙක් මරුට

Shiran Viraj
Translate »