mediahumanrights.lk
International NewsNews

උතුරු කොරියාවට එරෙහි අමෙරිකාවේ පළමු පියවර ගැන හෙළි කරයි

උතුරු කොරියාවට එරෙහිව තම පළමු පියවර සම්බන්ධයෙන් පැහැදිළි කිරීමක් සිදු කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව පළමු පියවර යුදමය කි‍්‍රයාමාර්ගයක් නොවන බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසන්නේ.
උතුරු කොරියාව විසින් මේ දිනවල වර්ධනය කර ගනිමින් පවතින න්‍යෂ්ටික සහ බැලැස්ටික මිසයිල අත්හදා බැලීම සඳහා ප‍්‍රතිචාර දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙනවා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ චීන ජනාධිපති ෂි ජිං පිං සමග පැවති දුරකතන සංවාදයකින් අනතුරුවයි. චීනයද තම අදහස සම්බන්ධයෙන් විරෝධතාව පළ නොකරන බවට තමන් විශ්වාස කරන බවයි ඩොනල්ඞ් ට‍්‍රම්ප් විදෙස් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියාසිටියේ.
(under the courtesy of nethfm news web)

Related posts

ජනතාවට පටි තද කරන්නැයි කියන ගමන් ආණ්ඩුවෙන් ක්‍රිකට් පිටියක් හදනවානම් ඒක අතිශයින්ම වැරදියි..

Shiran Viraj

ගල්ගමුවේ හා මොරවැව මනුෂ්‍ය ඝාතන දෙකක්

Shiran Viraj

ශ‍්‍රී ලංකාව තරග දෙක ජය ගත්තොත් මීලග ලෝක කුසලානයේ දෙවන වටයට..

Shiran Viraj
Translate »