mediahumanrights.lk
NewsPolitical

ෆොන්සේකා වහාම අත්අඩංගුවට ගත යුතුයි

දණ්ඩ නීති සංග්‍රහයේ එන රාජද්‍රෝහි වීමට එරෙහිව හිටපු හමුදාපති වහාම අත්අඩංගුවට ගත යුතු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
අද(04) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේය.
ජගත් ජයසූරිය මහතා යුද අපරාධ සිදු කළ බවට තමා දන්නා බව පැවසීම තුළ ම වසර 8ක් පුරා යුද අපරාධ වසන් කිරීම හේතුවෙන් මෙලෙස හිටපු හමුදාපතිවරයා අත්අඩංගුවට ගත යුතු යැයි ගම්මන්පිල මහතා කියා සිටියේය.
පළමු වරට සුදු කොඩි කතාවක් ප්‍රකාශ කරමින් බෙඳුම්වාදීන්ට පවා දුන් බවත් දෙවන වරට අද නැවතත් ජගත් ජයසූරිය මහතාට චෝදනා කරමින් රට පවා දෙන බවත් ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් යුද අපරාධයක් සිදුවුවත් නැතත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත යුතු බවත් යුද අපරාධ නොවුණු නිසා රාජද්‍රෝහී වීමටත් යුද අපරාධ වුණා යැයි පවසන්නේ නම් එය සැඟවීම යන කුමන චෝදනාවන්ට වුවද ඔහු අත්අඩංගුවට ගත යුතු යැයි මන්ත්‍රීවරයා මෙහිදී තවදුරටත් කියා සිටියේය.
2010 වසරේ දී මහින්ද රාජපක්ෂ මහතාගෙන් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගත්තේ ඇයි යනුවෙන් ප්‍රශ්න කළ ජනතාව අද වන විට ෆොන්සේකාව නිදහස් කළේ ඇයි දැයි ප්‍රශ්න කරන බවද ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.
(under the courtesy of adaderana news web)

Related posts

අසනීප වූ ලාංකික සේවකයා මිලියන 15ක් වියදම් කොට පෞද්ගලික ගුවන් යානයකින් මව්රටට එවූ සෞදි හාම්පුතා (PHOTOS)

Shiran Viraj

රථවාහන දඩ මුදල් මාර්ගගතව ගෙවීමේ GOV PAY යෙදුම පිළිබඳ නුවරඑළිය දිස්ත්‍රික් පොලිස් නිලධාරීන් දැනුවත් කෙරේ

Shiran Viraj

අධ්‍යාපන මොඩියුලවල දෝෂ 150ක් පවතින බවත් රුපියල් කෝටි හයක මූල්‍ය අවභාවිතයක් සිදුව ඇති බවත් රෝහිණි විජේරත්න පවසයි

Shiran Viraj
Translate »