mediahumanrights.lk
NewsPolitical

හදිසි කැබිනට් මණ්ඩලය රැස්වීමක් හෙට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
හෙට දහවල් 12ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භ කෙරෙනු ඇති.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කිරීමට නියමිතයි.
මෙම පනත් කෙටුම්පත පළාත් සභා කිහිපයකික් මේ වනවිටත් පරාජයට පත් වී තිබෙනවා.
එමෙන්ම ඊයේ එළි දැක්වු විෂන් ට්වෙන්ටි ටිවෙන්ටි ෆයිව් ප්‍රතිපත්ති හා ආර්ථීක දැක්ම සම්බන්ධයෙන් ද තවදූරටත් කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කෙරෙනු ඇති.
ඊට අමතරව ජනරාල් ජගත් ජයසූරිය සම්බන්ධයෙන් ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා ඉකුත්දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද අමාත්‍යවරුන් කිහිපදෙනෙකු හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමේ දී අදහස් දැක්විමට නියමිත බවයි වාර්තා වන්නේ.
(under the courtesy of nethfm news web)

Related posts

සියල්ලට පිළිතුරු දෙමින් මැතිව්ස් පියඹා ගොස් රැකගත් සුපිරි උඩපන්දුව මෙන්න

Shiran Viraj

පොහොට්ටුව ලකුණින් තරග කරන්නට ශ‍්‍රීලනිපය සූදානම්..

Shiran Viraj

මැති ඇමතිවරු ජනපති අගමැති හමුවකට කැඳවයි

Shiran Viraj
Translate »