mediahumanrights.lk
Local NewsNews

සිසුවාට ඇප – ගුරාට ඇප නෑ

මෙවර අපොස උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න කිහිපයක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි උසස් පෙළ සිසුවා, ඔහුගේ පියා සහ සිද්ධියට සම්බන්ධ උපකාරක පංති ගුරුවරයාගේ පියා ඇප මත නිදහස් කර තිබෙනවා.
ඒ, ඔවුන් ගම්පහ මහේස්ත‍්‍රාත් රුවන් පතිරණ හමුවට අද (04) ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
එහිදී එක් අයෙකුට රුපියල් දස දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරීමටයි නියෝග කෙරුණේ.
ඇප නියම වූ ඔවුන්ට ලබන නොවැම්බර් මස 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළා.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි උපකාරක පංති ගුරුවරයා සහ ඔහුගේ සහෝදරයා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මෙහිදී නියෝග කර තිබෙනවා. ඒ, ලබන 16 වැනිදා දක්වායි.
(under the courtesy of nethfm news web)

Related posts

යශාන් ගැන බිරිය කිව්ව දේ

Shiran Viraj

ඉන්ධන පිරවුම්හලක පෙට්‍රල් ගැන සැකයක් – වාහනවලට නිකුත් කිරීම වහාම නවතයි

Shiran Viraj

රජය පාසල් 3000ක් විකුණා දැමීමට සූදානම් වන බවට ජාතික ගුරු ව්‍යාපාරයෙන් චෝදනාවක්

Shiran Viraj
Translate »