mediahumanrights.lk
Local News News

සිසුවාට ඇප – ගුරාට ඇප නෑ

මෙවර අපොස උසස් පෙළ විභාගයේ රසායන විද්‍යා ප‍්‍රශ්න පත‍්‍රයේ ප‍්‍රශ්න කිහිපයක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි උසස් පෙළ සිසුවා, ඔහුගේ පියා සහ සිද්ධියට සම්බන්ධ උපකාරක පංති ගුරුවරයාගේ පියා ඇප මත නිදහස් කර තිබෙනවා.
ඒ, ඔවුන් ගම්පහ මහේස්ත‍්‍රාත් රුවන් පතිරණ හමුවට අද (04) ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
එහිදී එක් අයෙකුට රුපියල් දස දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරීමටයි නියෝග කෙරුණේ.
ඇප නියම වූ ඔවුන්ට ලබන නොවැම්බර් මස 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසද මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළා.
මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි උපකාරක පංති ගුරුවරයා සහ ඔහුගේ සහෝදරයා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද මෙහිදී නියෝග කර තිබෙනවා. ඒ, ලබන 16 වැනිදා දක්වායි.
(under the courtesy of nethfm news web)

Related posts

අවලෝකිතේශ්වර අත්අඩංගුවට…

Shiran Viraj

කොදෙව්-ශ්‍රී ලංකා පළමු පුහුණු තරගය අද

Shiran Viraj

රන් මිල පහතට

Shiran Viraj