mediahumanrights.lk
Entertainment Entertainment News News

ලැබුණු, නොලැබුණු, වැරැදුණු බොහෝ දේ ගැන ධනුෂ්ක කියන කතා

ධනුෂ්ක හා හා පුරා කියලා රසිකයෝ අතරට මියුසික් වීඩියෝවක් ගෙනැත් නේ?
ඔව් ‘ලැබුණානම්’ කියන්නේ මගේ පළමුවැනි මියුසික් වීඩියෝව. මම අවුරුදු තුනක් විතර නිශ්ශබ්ද වෙලා හිටියා. ඊට පස්සෙ තමයි මම මියුසික් වීඩියෝවක් කළේ. මේ ගීතය ලිව්වේ ඩිලාන් ගමගේ. ගීතය සංගීතවත් කළේ අෂාන් ප්‍රනාන්දු. රූප රචනය කළේ චම්මු ශ්‍රී .
‘ලැබුණානම්’ කියලා කියන්නේ ධනුෂ්කට නොලැබුණු කා ගැනද?
මේක මට අදාළ දෙයක් නෙවෙයි. මට එහෙම කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. මගේ ගීතයට වියදම් කළේ සහෝදරයෙක් වගේ මාත් එක්ක ඉන්න කෙනෙක්. විෂුවල් එකේ තියෙන්නේ ඇත්තම අත්දැකීමක්. ඔහුගේ අදහසකට අනුව තමයි මෙය කළේ. ගොඩක් අය මට කතා කළාම කියනවා ඒ අයගේ ජීවිතවලත් මේ වගේ අත්දැකීම් තියෙනවා කියලා. ඉෂාන් සහ උදාරි එකතු කරගෙන ලස්සනට විෂුවල් එකක් කළා.
ධනුෂ්ක මෙතෙක් ගායනා කරපු ශෛලියට වඩා වෙනස් ශෛලියක ගීතයක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මොකක්ද ඒ වෙනස?
මම මේ ගීතය කළේ ඉදිරියට අඩියක් තියන්න ඕන නිසා. මම මිනිස්සු අතරට ආව ශෛලියත් එක්ක වෙනසක් කරද්දි ඒ අය මාව පිළිගනියිදෝ කියලා සැකයක් ආවා. මම ආපු ශෛලියෙන් එළියට පැනලා තමයි මම මේ නිර්මාණය කළේ.
මියුසික් වීඩියෝවක් කරන්න ධනුෂ්ක කල් ගත්තා වැඩි නැද්ද?
මම මගෙනුත් අහන දෙයක් තමයි ඇයි මම මෙච්චර කල් ගත්තේ කියලා. ප්‍රසංග, විදෙස් සංචාර වගේ දේවල් එක්ක හිටපු නිසා මේ වගේ දෙයක් කරන්න ඕන කියලා මට ඒ තරම් තේරුමක් තිබ්බේ නැහැ. කරන්න ඕන දේ ගැන මට කාගෙන්වත් අවවාදයක් ලැබුණෙත් නෑ. මම එක එක අයගේ එක එක කතා අහගෙන හිටියා. එතකොට කෝච්චිය ගොඩක් දුර ගිහින්.
ඔය වෙනසට ලැබෙන ප්‍රතිචාර හොඳයිද?
ගොඩක් අය ගීතය අහලා තියෙනවා. ගීතයට එක එක වීඩියෝ හදලා ෂෙයාර් කරලත් තියෙනවා. ගොඩක් අය හිතලා තියෙන්නේ මට ඒ වගේ ගීත ගායනා කරන්න බෑ කියලා. නමුත් මම එක ශෛලියකට කොටුවෙලා නැහැ. අපි වැල යන අතටත් මැස්ස ගහන්න ඕන. නැත්නම් අපිව වැටෙන්න පුළුවන්. ලැබෙන ප්‍රතිචාරවලින් මට හිතෙන්නේ මම කරපු වෙනස රසිකයෝ පිළිඅරගෙන කියලා.
මාධ්‍ය නාළිකාවලින් බිහිවුණු සමහර තරුවලට අනෙක් මාධ්‍යවල සහාය ලැබෙන්නේ නෑලු. ධනුෂ්කටත් ඔය ඉරණම බලපාලා තියෙනවාද?
ඔය ප්‍රශ්නය ගොඩක් අයට තියෙනවා. හැබැයි ඒක අසාධාරණයි. අපේ ගීත මිනිස්සු අහන්න ඕන. ජනමාධ්‍ය අපිව කොටු කරනවා නම් අපි අසරණ වෙනවා. මාත් එක්ක නම් මාධ්‍යවල අය තරහා නැහැ. ගොඩක් අය මගේ ගීතය ප්‍රචාරය කළා. හැම කෙනෙක්ටම ඒ අවස්ථාව ලැබෙනවා නම් හොඳයි.
තරුවක් විදියට එළියට බහිද්දී ධනුෂ්කට ප්‍රසංග වේදිකාවේ ලොකු ඉඩක් ලැබුණානේ. තාම ඒ ඉඩ ලැබෙනවාද?
මට තාමත් ප්‍රසංග ලැබෙනවා. තාමත් මම සින්දුවක් කියද්දී විසිල්, අත්පුඩි නොගහන කෙනෙක් නෑ. මම ගීත ගයන විලාසය වෙනස්. මම රසිකයන්ව හොඳින් පිනවලා තමයි වේදිකාවෙන් බහින්නේ.
ධනුෂ්කට දැන් එම්.එස්. ප්‍රනාන්දු මහත්මයාගේ ගීත කියන්නත් අවසර නැහැ නේද?
පහුගිය ටිකේ මට ප්‍රශ්න ටිකක් ආවා. දැන් මම එම්.එස්. ප්‍රනාන්දු මහත්මයාගේ ගීත ප්‍රසංග වේදිකාවේදී ගායනා කරන්නේ නැහැ. මාව ෂෝවලට ගෙන්නුවම මාත් තේරුමක් නැතිව ඒ ගීත ගායනා කරමින් හිටියා.
ප්‍රසංග වේදිකාවේදී ගායනා කරන්න තරම් දැන් ධනුෂ්කගේ ගීත තියෙනවාද?
එළියට දාපු මගේම ගීත හයක් විතර තියෙනවා. එළියට දාපු නැති ගීත කිහිපයකුත් තියෙනවා. මම දැන් මගේම ගීත ගායනා කරනවා. ඊට අමතරව නටන්න පුළුවන් විදියට ජෝතිපාල මහත්මයාගේ ගීතත් ගායනා කරනවා.
ජනප්‍රියත්වය එක්ක ධනුෂ්කට නොලැබුණු දේවල් තියෙනවද?
මට කිසි දෙයක් නොලැබුණේ නැහැ. මට ලැබිච්ච දේවල් තමයි තියෙන්නේ. හැබැයි ඒ ලැබුණු දේවල්වලින් මම ප්‍රයෝජනයක් ගත්තාද කියන ප්‍රශ්නය තියෙනවා.
ඒ කියන්නේ ලැබිච්ච අවස්ථාවෙන් ධනුෂ්ක ප්‍රයෝජන ගත්තේ නෑ කියන එකද?
ලැබුණු දෙයින් හරි ප්‍රයෝජනය නොගෙන මිස්ටේක් වුණු අවස්ථා තියෙනවා. මම මාව මේන්ටේන් කරගත්තේ නැහැ. මොකද මට තේරුමක් තිබ්බේ නැහැ. හැබැයි ඒ වැරැදීම් ඉදිරියට සිද්ධ වෙන එකක් නැහැ.
ධනුෂ්කගේ ජීවිතයේ හිටපු විශේෂම අයත් තාමත් ධනුෂ්ක ළඟද?
ඔව්. මගේ ළඟ හිටපු හැමෝම මං ළඟ ඉන්නවා. එයාලා කොහෙවත් ගිහින් නැහැ. බිරිය, දුව, පුතා මේ හැමෝම මාත් එක්ක ඉන්නවා. දැන් මගේ දුවට අවුරුදු පහයි. මගේ පුතාට අවුරුද්දයි. අපි හැමෝම හොඳින් ජීවත් වෙනවා.
තරුවක් වෙන්න කලින් ධනුෂ්කට හිටපු හිතවතුන් තාමත් ධනුෂ්ක එක්ක ඉන්නවද?
මට ගොඩක් යාළුවෝ හිටියා. මම යාළුවන්ටත් ගොඩක් උදවු කළා. මටත් උදවු කරන්න අය හිටියා. හැබැයි පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත මම ගොඩක් පාඩම් ඉගෙනගත්තා. මට හොඳ කියන අය වගේම මට බනින අයත් ඉන්නවා. මට පහුගිය කාලේ වැරැදුණු තැන් වැඩියි.
ධනුෂ්කට මුල මතක නෑ කියලත් සමහරු කියනවා නේද?
මට අමතක කරන්න දෙයක්වත් මට අමතක වෙන්න තරම් දෙයක්වත් තිබුණේ නැහැ. හැබැයි මගේ අතින් වැරැදීම් වෙන්න පුළුවන්. මේ ළඟදී රියැලිටි වැඩසටහනක ඉන්න මල්ලි කෙනෙක් අපේ පැත්තේ ෆැක්ටි්‍ර එකකට ගියාම කිව්වලු ධනුෂ්කට එස්.එම්.එස්. ගැහුවට දැන් පැත්ත පළාතක එන්නේ නෑ කියලා. මම ගම කාලා තියෙන්නේ කිව්වලු. අනේ ඉතිං මට එස්.එම්.එස්. ගැහුවා කියලා මට හැම තැනටම යන්න විදියක් නෑ. ඉතිං ඒක ප්‍රේක්ෂකයනුත් තේරුම් ගන්න ඕන. මම මට පුළුවන් විදියට පුළුවන් තැන්වලට යනවා.
ගමේ වැඩවලට කතා කරද්දිත් ධනුෂ්ක ගණන් උස්සනවද?
මට ගමේ වැඩවලට කතා කරනවා අඩුයි. මොකද මම ලොකු ගාණක් ඉල්ලනවා කියලා රාවයක් යනවා. මේක මගේ වෘත්තිය. මගේ ජීවත්වීම වෙනුවෙන් මම යම්කිසි මුදලක් අයකරනවා. ඔය රාවේ යන විදියට හැත්තෑ දාහට, අසූදාහට මම සිංදු කියලා නැහැ. ගමේ වැඩක් ලැබුණත් මම ඒවට ගණන් උස්සලා නෑ.
ධනුෂ්ක නළුවෙකුත් වෙලා නේද?
මට රංගන කටයුතුවලටත් ආරාධනා ලැබුණා. ‘අනෝරා’ කියන නිර්මාණයට මම සම්බන්ධ වුණා.
ඒ කියන්නේ දැන් ධනුෂ්ක නළුකම තෝර ගනියිද?
මම රංගනය කරනවා කියලා ඒකම කරන්න ආස නැහැ. හැබැයි මම මට අභියෝගයක් ලැබුණොත් එය භාර ගන්න කැමැතියි. මට සිංදු කියන්න කිව්වොත් මම සිංදු කියනවා. නටන්න කිව්වොත් නටනවා. රඟපාන්න කිව්වොත් රඟපානවා. ඉදිරියටත් රංගනයෙන් වුණත් ගැළපෙන දෙයක් ලැබුණොත් සම්බන්ධ වෙනවා.
සිනමාවේ ප්‍රේමවන්තයා වෙන්නද දුෂ්ටයා වෙන්නද කැමැති?
මට ප්‍රේමවන්තයාගේ චරිතය කරන්න බැරිවෙයි. මාව ඒ චරිතවලට ගැළපෙන එකක් නෑ. මම කැමැතියි ජගත් චමිල, මහේන්ද්‍ර පෙරේරා වගේ බැරෑරුම් විදියට චරිත කරන්න.
ඉදිරියට කරන්න සැලසුම් කරගත්ත දේවලුත් ඇති?
මගේ ‘හෙලෝ’ බෑන්ඩ් එක හොඳ තත්ත්වයක දැන් තියෙනවා. ඒකත් තව ඉදිරියට ගෙනියන්න අදහසක් තියෙනවා. මියුසික් තව හදාරන්න බලාපොරොත්තුවක් තියෙනවා. පටන් අරගෙන තියෙන පුංචි ව්‍යාපාරයත් ඉදිරියට ගෙනියන්න ඕන. ඒ වගේම තව මාස එක හමාරකින් විතර කවුරුවත් හිතන්නේ නැති විදියේ නිර්මාණයක් එළියට ගේනවා. ඒක මගේ දක්ෂතා පෙන්වන ප්‍රශස්ත නිර්මාණයක් වෙයි.
(මව්බිම පුවත් පත ඇසුරෙනි)

Related posts

මාලිමා පොලිස් ඇමති මමයි කියා පොලිසිය මට මේ දිනවල හොදට සලකනවා..- ලාල් කාන්ත

Shiran Viraj

ශ‍්‍රී ලංකාවට ඉන්ධන ආනයනය නවතී.. මුළු රටම නතරවීම අභියසට…

Shiran Viraj

රංග­න­යෙන් ඉවත් වෙන්න හිතුණු වාර අන­න්තයි තිත්ත වුණත් ඇත්ත කියන කඩ­ව­සම් නළු අමිල අබේ­සේ­කර

Shiran Viraj