mediahumanrights.lk
NewsPolitical

එජාපය – ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය එක්ව 20 කල් යවයි

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම කල් දැමීමට බස්නාහිර පළාත් සභාව අද (04) තීරණය කළා.
ඊට අදාළ ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂය, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්ව ඊට පක්ෂව ඡන්දය භාවිත කළා. මෙහිදී ඊට විරුද්ධව ඡන්දය භාවිතා කළේ ජනතා විමුක්ති පෙරමුණ පමණයි.
පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශගෙන් නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ ලබන 11 වැනිදා තෙක් මෙය සාකච්ඡාවට ගැනීමට කල් ඉල්ලා සිටි බවයි.
මීට පෙර ද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පිළිබඳ පනත් කෙටුම්පත බස්නාහිර පළාත් සභාවට ඉදිරිපත් කෙරුණා.
එහිදී ඇතිවූ උණුසුම් තත්වයක් හේතුවෙන් සභාවේ කටයුතු අත්හිටුවීමටයි ඉකුත් 28 වැනිදා තීරණය කළේ
(under the courtesy of nethfm news web)

Related posts

මුහුණු පොතෙන් හාද වී රු. ලක්ෂ 43ක්‌ ගරලා නයිජීරියානු ජාතිකයා මාලබේදී කොටුවෙයි

Shiran Viraj

ජනපතිගෙන් රේගුවට රතු එළියක්

Shiran Viraj

කසල කළමණාකරණ හා ඩෙංගු මර්දනය සම්බන්ධයෙන් ජනපතිගෙන් ප්‍රකාශයක්

Shiran Viraj
Translate »