mediahumanrights.lk
Local NewsNews

බැඳුම්කර කොමිසමට දුන් සාවද්‍ය තොරතුරුත් හෙළි කරගෙන

බැඳුම්කර කොමිසමට සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සාමාගම සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරීවරයාට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපති දෙපාර්තමේන්තුව අද (29) කොමිසමෙන් ඉල්ලීමක් කළා.
ඒ, අදාළ සමාගම සිය හඬ පටිගත කිරීමේ පද්ධතිය සම්බන්ධයෙන් දිවුරුම් පිට ලබා දුන් සාක්ෂි අසත්‍ය බවට තහවුරු කිරීමෙන් අනතුරුවයි.
පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හඬ පටිගත කිරීමේ පද්ධතියේ පිටිගත කිරීම් හැර ඊට අදාළ වෙනත් තොරතුරු නොමැති බවට එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන එම කොමිසමට ප‍්‍රකාශ ලබා දී තිබුණේ දිවුරුම් ප‍්‍රකාශයක් ද සමගින්.
කෙසේ වෙතත්, අදාළ පද්ධතිය සැපයූ සමාගම අද කොමිසම හමුවේ ප‍්‍රකාශ කළේ එම පද්ධතියේ දුරකථන ඇමතුම් ලැබුණු අංකය සහ වේලාවන් ආදි විස්තර ද සටහන් වන බවයි.
(under the courtesy of nethfm news web)

Related posts

ඒකල කාර්මාන්ත ශාලාවක ගෑස් කාන්දුවක් : 30ක් රෝහලේ

Shiran Viraj

කෑගල්ලේ කොරෝනා ඖෂධය අනුමතයි.. කැබිනට් ප‍්‍රකාශක රටටම දැනුම් දේ..

Shiran Viraj

විදෙස් ශ‍්‍රමිකයන්ගෙන් මුදල් ගෙවන නිරෝධායනයට නාමල් විරුද්ද වේ..

Shiran Viraj
Translate »