mediahumanrights.lk
NewsPolitical

“පුළුවන්නම් මහින්ද අගමැති කරන්න සුළුපක්ෂ සහය ආණ්ඩුවට“ – තිගාම්බරම්

“පුළුවන්නම් මහින්ද අගමැති කරන්න සුළුපක්ෂ සහය ආණ්ඩුවට“ – තිගාම්බරම්
එක්සත් ජාතික පෙරමුණ සඳහා සහාය දුන් කිසිඳු සුළු පක්ෂයක් එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත් නොවන බව කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා පවසයි.
අඹේවල පිහිටි හයිලන්ඩ් කිරිපිටි කර්මාන්ත ශාලාව නවීකරණය කර විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
ඒකාබද්ධ විපක්ෂය කුමක් ප්‍රකාශ කළද 2020 වසර වනතෙක් ආණ්ඩුව වෙනස් කළ නොහැකි බවත පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා උතුරේ මෙන්ම දකුණේ සුළු පක්ෂවල කිසිඳු සහයක් නොලැබෙන බවද ප්‍රකාශ කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මහින්ද රාජපක්ෂ මහත්තයා ආපු දවසේ ඉදලා කියනවා ආණ්ඩුව අද ගන්නව හෙට ගන්නවා කියලා.. ඊට පස්සේ නාමල් රාජපක්ෂ කියනවා. ඊයේ පෙරේදා මහින්දානන්ද මන්ත්‍රීවරයා කියනවා බොහොම ඉක්මණට මහින්ද රාජපක්ෂ අගමැති කරනවා කියලා. අපි කියන්නේ පුළුවන්නම් කරන්න කියලා.. එක්සත් ජාතික පෙරමූණේ 105 ක් ඉන්නවා.. අපි කවදාවත් යන්නේ නෑ.. ඒ වගේම සුළු පක්ෂ කට්ටිය කවදාවත් යන්නෙත් නෑ.. ඉතිං කොහමද ආණ්ඩුව මාරු කරන්නේ.. කව්රුත් බය වෙන්න එපා 2020 වෙනකං මේ ආණ්ඩුව යනවා.. අපි අමාත්‍යාංශ බාරගෙන කෙළින් වැඩ කරනවා.” යැයි පැවසීය.
(under the courtesy of asianmirror news web)

Related posts

පරීක්ෂණ වැඩි කිරීම සඳහා සැපයුම් අඩුපාඩු බාධාවක් නම් වහාම සොයා බලා අවශ්‍ය සැපයුම් ලබා ගැනීමට කටයුතු කරන්න – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ

Shiran Viraj

පැය 72ක් ඇතුලත ලංකාවට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක්…?

Shiran Viraj

පීසීආර් මඟහරින පුද්ගලයන් දේශද්‍රෝහීන් ලෙස සලකා නඩු දානවා – නි. පොලිස්පති අජිත් රෝහණ

Shiran Viraj
Translate »