mediahumanrights.lk
BusinessBusiness NewsNews

තායිලන්තයේ 'රොජානා' මිල්ලනියට එයි

BOI සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, තායිලන්තයේ ‘රොජානා‘ කර්මාන්ත උද්‍යාන සමඟ අතර අද (21) දිනයේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී. මෙම ගිවිසුමට අනුව රොජානා කර්මාන්ත උද්‍යාන සමාගම විසින් විශේෂිත කර්මාන්ත කලාපයක් ඉදිකිරීමට නියමිතය. මෙම කලාපයේ ඉදිකිරීම්, පවත්වාගෙන යාම සහ ආයෝජන ප්‍රවර්ධනය ‘රොජානා‘ සමාගම විසින් සිදුකරනු ලැබේ.
මෙම ගිවිසුම සඳහා ආයෝජන මණ්ඩලය වෙනුවෙන් එහි සභාපති දුමින්ද්‍ර රත්නායක සහ තායිලන්තයේ රොජානා සමාගම වෙනුවෙන් එහ සභාපති ඩිරෙක් විනිච්බුටර් මහත්වරු අත්සන් තැබූහ.
2017 මාර්තු මස තායිලන්තයේ රොජානා සමාගමේ ඉංජිනේරුවන් සහ විශේෂඥයින් කණ්ඩායමක් පැමිණ ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම කර්මාන්ත කලාපය පිහිටුවීම සඳහා මිල්ලනිය ප්‍රදේශයේ ඉඩමක් තෝරා ගෙන තිබේ.
(under the courtesy of adaderana news web)

Related posts

පෝලිමේ ගිහිං ගිනි ගානට ගන්න තෙල් ඉතුරු කරන විදිහ.. ජනපතිගේ ජාතිය ඇමතීම හර්ෂගෙන් ප‍්‍රතිචාර..

Shiran Viraj

ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණ වාර්තාව ලැබී ඇති බව අමාත්‍ය විජිත හේරත් පවසයි

Shiran Viraj

පාර්ලිමේන්තු මන්ත‍්‍රිවරයෙකුට පහර දෙයි…

Shiran Viraj
Translate »