2026-02-12
mediahumanrights.lk
Local NewsNews

උඩුවේ හිමිට අද අධිකරණය දුන්න හා නොදුන්න අවසරය මෙන්න

උඩුවේ ධම්මාලෝක හිමියන්ට මේ මස 19 වන දා දක්වා විදේශ ගත වීමට අධිකරණය අද (08) අවසර දුන්නා.
ඒ, මේ දිනවල උදා වී ඇති වස් සමයේ ධර්ම ප්‍රචාරය සඳහා විදේශ ගත වීමට අවශ්‍ය බවට ඒ හිමියන් කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් කිරීම හේතුවෙන්.
එමෙන්ම විත්ති කුඩුවේ සිට විශේෂ ප්‍රකාශයක් කිරීමට උන් වහන්සේ කළ ඉල්ලීම අධිකරණය අද ඉවත දැමුවා.
ඒ, විත්තිකරුවකුට විත්ති කුඩුවේ සිට විශේෂ ප්‍රකාශයක් කළ හැක්කේ නඩු විභාගය අවසානයේ විත්තිවාචකය ලෙස පමණක් වන නිසයි.
අධිකරණය කියා සිටියේ තවම නඩු විභාගය ආරම්භ වී හෝ නොමැති නිසා එවැනි අවසරයක් දිය නොහැකි බවයි කොළඹ මහාධිකරණ විනිසුරුවරයා පැවසුවේ.
අලි පැටියකු ඇලන් මැතිනියාරාමයේ රඳවාගෙන සිටියේයැයි පොදු දේපොළ පනත යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබෙනවා.
(under the courtesy of hirunews news web)

Related posts

හෙට පෝයට පන්සල් එන්න එපා.. කොරෝනා මඩින්න ගෙදර ඉන්න..- අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ගෙන් ඓතිහාසික දැනුම් දීමක්..

Shiran Viraj

ලංගම ගොඩදාන සූත්තරේ ජනපති කියයි..

Shiran Viraj

ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්

Shiran Viraj
Translate »