27 C
Colombo
2024-07-05
mediahumanrights.lk
Entertainment Entertainment News News

සීඝ්‍රගාමී වෙලා ජීවිතේ ප්‍රශ්න පත්‍රයක්‌ කරගන්න කැමති නැති වත්සලා…

කොහොමද වත්සලා ජීවිතේ මොනවද අලුත් තොරතුරු
මම හොඳින්. නෙතු නාට්‍යයේ රූගත කිරීම් ඉවර වුණ නිසා ටිකක්‌ විවේකයෙන් ඉන්නවා. දැනට ටෙලිනාට්‍ය මුකුත්ම භාරගෙන නැහැ. ඉදිරියේදී ආරාධනා ලැබෙන නිර්මාණයට දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මේ දවස්‌වල මොකද කරන්නෙ
විශේෂ දෙයක්‌ කෙරෙන්නෙ නෑ ආරාධනා ලැබෙන විදියට චැනල්වල විවිධ වැඩසටහන්වලට සම්බන්ධ වෙනව ඇරෙන්න.
අද වන විට ඔබ කලාවේ මන්දගාමී ගමනක්‌ යන ශිල්පිනියක්‌ කිව්වොත්
ඒක ඇත්ත. හැබැයි මම අද විතරක්‌ නෙමෙයි එදා ඉඳලම යන්නෙ මන්දගාමී ගමනක්‌. මොකද එහෙම නොවුණොත් මට පෞද්ගලික ජීවිතයක්‌ නැති වෙනවනෙ. සීඝ්‍රගාමී වෙලා ජීවිතේ ප්‍රශ්න පත්‍රයක්‌ කරගන්නවට වඩා මේ ගමනට මම ගොඩක්‌ කැමතියි.
පූර්ණ කාලීනව කලාවේ නියෑළුණොත් හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?
කලාව කියන්නෙ මගේ ජීවිතේ එක කොටසක්‌ විතරයි. එහෙම නැතුව කලාවේ එක කොටසක්‌ නෙමෙයි වත්සලා දියලගොඩ
ඔය වගේ තීරණ නිසා ජනප්‍රියත්වය අඩු වෙනවා නේද?
මට නම් එහෙම වෙලා නෑ. ගොඩක්‌ වෙලාවට මම ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්නෙ එකක වැඩ ඉවර වුණාට පස්‌සෙ. එහෙම වුණත් බොහෝ වෙලාවට මම රඟපාපු නාට්‍යයක්‌ මොකක්‌ හරි චැනල් එකක යනවා. අනික මම නාට්‍යයක නැතත් වෙන වැඩසටහන් හරහා ප්‍රේක්‌ෂකයන්ට දැකගන්නන ඉන්නවනෙ. ඒ හරහා මම යන එන හැම තැනකදීම මම ලැබෙන ප්‍රේක්‌ෂක ආදරය දිහා බැලුවම බොහොම පැහැදිලියි මගේ ජනප්‍රියත්වයේ කිසිම අඩුවක්‌ නෑ කියන එක.
රංගනයෙන් ඈත් වෙන්න කියලා සැමියා කියන්නෙ නැද්ද?
සැමියා කියලා නෑ. පෙම්වතා නම් කියලා තියනවා. ඒ කියන්නෙ අපි විවාහ වෙන්න ඉස්‌සෙල්ලා ඔහු මට එහෙම කියලා තියෙනවා. ඒත් අද වෙනකොට ඔහු තේරුම් අරන් තියෙනවා රංගනය කියන්නෙ හොඳ දෙයක්‌ කියලා. මොකද එයත් කලාවට බොහොම සම්බන්ධකම් තියෙන කෙනෙක්‌නෙ.
සැමියව රංගනයට දායක කරගන්න වත්සලාට හිතෙන්නෙ නැද්ද?
අපෝ නෑ. මේ යන විදිය හොඳයි. ඔහු දක්‌ෂ ව්‍යාපාරික කටයුතුවලට ඒ නිසා ඒවා දියුණු කරගෙන හිටියම ඇති.
බොහෝ ශිල්පිනියන් ව්‍යාපාර වෙත යොමු වෙනවා ඔබට එවැනි අදහසක්‌ නැද්ද?
ඇයි නැත්තෙ මටත් එහෙම අදහසක්‌ තියෙනවා. ඒ සඳහා දැනට අඩිතාලම දාගෙන යනවා. ළඟදිම කියන්නම්කො මගේ පුංචි ව්‍යාපාර කටයුත්ත ගැන.
බිරිඳක්‌ මවක්‌ ගෘහණියක්‌ හැටියට කාලය කළමනාකරණය කරගන්නෙ කොහොමද?
රෑට මට සහභාගි වෙන්න වැඩසටහනක්‌, උත්සවයක්‌ තියෙනවා නම් මම සියලු වැඩ උදේ කරනවා. මට වැඩ තියෙන්නෙ දවල් කාලෙ නම් මම කලින් දවසෙ ඒ වැඩ කරලා ඉවර කරනවා. රූපගත කිරීමකට දවස්‌ දෙක තුනක්‌ ගියොත් ඊළඟට දවස්‌ දෙක තුනක්‌ ගෙදරම ඉන්නවා. කොහොම හරි බැලන්ස්‌ එකේ ගමන යනවා.
ඔය අතරෙ රුව රැක ගන්නත් වැඩිපුර කාලය යොදවන්න වෙනව නේද?
අනිවාර්යයෙන්ම. හැම වැඩක්‌ම අතරෙ මම ඒකටත් විශේෂ තැනක්‌ දෙනවා. මොකද මගේ වෘත්තියට රූපය විශාල ලෙස බලපානවනෙ. අනික දවසින් දවස අපෙන් ගිලිගෙන රූපය යළි ලබාගන්න නිවැරදිව
සත්කාර කිරීම අත්‍යවශ්‍ය දෙයක්‌.
සැමියගෙ ව්‍යාපාර කටයුතුවලට ඔබ උදව් කරන්නේ කොහොමද?
ඔහු වයිඩ් ඈන්ගල් ප්‍රඩක්‌ෂන් හවුස්‌ එකේ හිමිකරුනෙ. ඇත්තටම ඒ වැඩවලට මගෙන් උදව්වක්‌ නෑ. එයා ඒවා තනියම කරගන්නවා. ඒත් මට වැඩසටහනකට සහභාගි වෙන්න තියෙනවා නම් එයා මට උදව් කරනවා විශේෂයෙන්ම දුවව බලා ගන්න එක.
ඔබේ නැගණිය බුවනිත් ඔබත් රූපයෙන් එක හා සමානවීම ක්‍ෂේත්‍රයේ වැඩවලදී අවාසියක්‌ නෙමෙයිද?
අවාසියක්‌ නෙමෙයි ඒක අපි දෙන්නට වාසියක්‌ වෙනවා කියලයි මම හිතන්නෙ. මොකද මාව නිර්මාණයකට දායක කරගන්න ඉන්න කෙනෙකුට මම බිසී නම් ඒ සඳහා බුවනිව ගන්න පුළුවන්. ඒ වගේම නංගිට වැඩ වැඩි වුණ වෙලාවක ඒ කටයුත්තට මාව ගන්න පුළුවන්.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

Related posts

තවත් කොරෝනා මරණ 92ක්.. එය දිනක වැඩිම මරණ ගණනයි…

Shiran Viraj

නාය ගිය අරණායක දැව සංහාරයක්

Shiran Viraj

රට විවෘත නොකර රුපියල රැක ගන්න බෑ… එහෙම වුනොත් රටට විශාල ප්‍රශ්නයක්..

Shiran Viraj