mediahumanrights.lk
NewsPolitical

විශ්වාසභංගය තුළින් ජනතාව දැනුවත් කිරීම අපේක්ෂාවයි

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීම මඟින් රටේ ජනතාව දැනුම්වත් කිරීම අපේක්ෂාව වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ ඊයේ(24) පැවති ආගමික වැඩසටහනකට එක්වීමෙන් පසු මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපතිවරයා එම අදහස් පල කළේය.
රාජිත සේනාරත්න මහතා අල්ලස් කොමිසමට ගියාද නැද්ද යන්න වැදගත් නොවන අතර වැදගත් වන්නේ ඔහු අල්ලස් ලබා ගත්තේ ද යන්න බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
කෙසේ වෙතත් ඉදිරියේ දී මේ පිළිබඳ බලා ගත හැකි බවත් එහිදී ජනතාව තීන්දු ගනු ඇති බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
(under the courtesy of adaderana news web)

Related posts

අධිකරණයට අපහාස කළ බවට රන්ජන්ට එරෙහි නඩුව දින තුනක් අඛණ්ඩව ඇසීමේ තීරණයක්

Shiran Viraj

කොරෝනා අපේ ග‍්‍රහණයේ.. අපි අවසන් අදියරේ.. ජනතා සහායෙන් මෙයද ජයගත හැකිමයි..

Shiran Viraj

ETI වංචාවට එදිරිසිංහ පවුලේ තිදෙනෙකු අත්අඩංගුවට

Shiran Viraj
Translate »