mediahumanrights.lk
Local NewsNews

තවත් උසස් පෙළ විභාග වංචාකරුවෙක් මාට්ටු

අපොස උසස් පෙළ විභාගයේ ගණකාධිකරණය දෙවන ප‍්‍රශ්න පත‍්‍රය සඳහා වංචනිකව පෙනී සිටි පුද්ගලයෙකු උහන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබෙනවා.
ඒ, විභාගය පැවති විද්‍යාලයේ විභාග ශාලාධිපති විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනූවයි.
මෙවර විභාගයට පෙනී සිටින ශිෂ්‍යයෙකු වෙනුවෙන් සැකකරු වංචනික ලෙස පෙනී සිට ඇති බවයි වැඩිදුර විමර්ශනයේ දී අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු මහඔය ප‍්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි වියේ පසු වූ අයෙක්. ඔහු අම්පාර මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (30) ඉදිරිපත් කිරීමට නියමිතයි.
මීට පෙරද අපොස උසස් පෙළ 2017 රසායන විද්‍යා 2 ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ඇතුළත් අත් පත්‍රිකාවක් ගම්පහ ප්‍රදේශයේ බාලිකා පාසලක් ඉදිරිපිට මාර්ගයේ දී විභාගය නිමවී සිසුන් පිටතට පැමිණෙන අවස්ථාවේ බෙදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගත්තා.
(under the courtesy of nethfm news web)

Related posts

ජාති ජාතිත් පිරිමි ගැනම හිතන ජින්ජර්

Shiran Viraj

බැසිල් අමෙරිකානු පුරවැසිභාවය අත්නොහරී

Shiran Viraj

ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභිමානය ප්‍රකාශ කිරීමට රජයට කොන්දක් නැති බව නාමල් රාජපක්ෂ මහතා පවසයි

Shiran Viraj
Translate »