mediahumanrights.lk
LIFELIFE NEWSNews

කොඳුඇටපෙළ ඇදවන අය මේ කසාය බීලා බලන්න

ප්‍රශ්නය – කොඳු ඇට පෙළ ඇදවීමේ ආත්‍රයිටීස්‌ තත්ත්වය ගැන අප පසුගිය සතියේදී සාකච්ඡා කළා. එවැනි රෝග තත්ත්වයක්‌ යටතේදී ගත යුතු ආහාර සහ අනුගමනය කළ යුතු ජීවන රටාව කුමක්‌ද?
වෛද්‍ය වසන්ත උදයජීව – ඉතාම ලෙහෙසියෙන් ජීරණය වන තෙල් සහිත ආහාර ගැනීම තමයි වඩාත් සුදුසු. ගිතෙල්, පිරිසිදු බටර්, එළවළු සුප්, කොට්‌ටන් යනාදිය ඉතාම යෝග්‍යයි. බත්, පාන්පිටි, මුං ඇට වැනි ආහාර ඉවත් කළ යුතුයි. කායික සහ මානසික විඩාව වළක්‌වා ගත යුතු අතර මද රස්‌නය සහිත තල තෙල් වලින් සිරුර සම්බාහනය කර ගැනීමට හැකිනම් බෙහෙවින් වටිනවා. ඒ අතර මා තවත් අත්බෙහෙත් දෙකක්‌ කියන්නම්. සුදුලූනු බික්‌ දෙකක්‌ අඹරා කිරි වීදුරුවකට දමන්න. එය මද ගින්නේ හතරෙන් එකකට හින්දවන්න. ඉන්පසු එම මිශ්‍රණය පෙරා එක්‌ කොටසක්‌ උදය වරුවෙත්, අනෙක්‌ කොටස සවස්‌ වරුවෙත් පානය කරන්න. මේ ආකාරයෙන් සතියකට දින 3 ක්‌ හෝ හතරක්‌ දිගටම කරන්න. දෙවන අත් බෙහෙත මෙයයි. අබ තෙල් හෝ තල තෙල් තේ හැන්දක්‌ ගෙන එය තාච්චියකට දමා උණුසුම් වන විට අඹරාගත් සුදුලූනු බික්‌ තුන හතරක්‌ සහ සූදුරු තේ හැන්දක්‌ දමා දුඹුරු පැහැ වන තුරු බැදගන්න. ඉන්පසු එය ලිපෙන් බා මද රස්‌නය තිබියදී කොඳුඇටපෙළ දිගේ තවරා හොඳින් තවන්න. ඉන් පසු මද රස්‌නය සහිත ලුණු පොට්‌ටනියකින් ප්‍රදේශය තවා ගන්න.
ප්‍රශ්නය – පසුගිය සතියේදී ඔබ සඳහන් කළ විදියට මෙය හට ගන්නේ කොඳු ඇට පෙළ මත දැඩි පීඩනයක්‌ යෙදවීම නිසයි. ඊට අමතර ආයුර්වේද අර්ථකථනයක්‌ තිබෙනවද?
වෛද්‍ය වසන්ත උදයජීව – ශරීරය තුළ කුපිත වන වාත දොaෂ මගින් පටක ක්‍ෂය කරනවා. එසේම සන්ධිවල ඉහළ කොටසක්‌ අස්‌ථාවර කරනවා. වාතය කුපිත වන්නේ ඉතා වියළි, ඉතා සීතල, ඉතා සැහැල්ලු සහ ඉතා බර ආහාර නිසයි. මෙවැනි ආහාර ගත් විට ශරීරය තුළ වායු වර්ග හටගන්නවා. වැඩි කාල පරතරයක්‌ තුළ ඉතා කුඩා ප්‍රමාණවලිsන් ආහාර ගැනීම, ඇඹුල් සහ තිත්ත ආහාර ගැනීම, නිදි වැරීම, දුම් පානය, මත්පැන් පානය, ඕනෑවට වඩා ඇඟ මහන්සි කරන වැඩ කටයුතුවල නිරත වීම, ප්‍රමාණය ඉක්‌මවා ලිංගික ක්‍රියාකාරකම්වල නිරතවීම, සහ මානසික ආතතිය නිසාත් වාත දොaෂ හට ගන්නවා. ඒ නිසා මෙවැනි තත්ත්වයන්ගෙන් වැළකී සිටීම තමයි වඩාත් සුදුසු වන්නේ.
ප්‍රශ්නය – කොඳු ඇට පෙළ ඇදවීමේ රෝගයට කසායක්‌ දිය හැකිද?
වෛද්‍ය වසන්ත උදයජීව – පාවට්‌ටාමුල්, තොටිල පොතු, දේවදාර, පත්පාඩගම්, එලබටු මුල්, කටුකරෝසන, වියළි ඉඟුරු. කොත්තමල්ලි, සුවඳ කොට්‌ටම්, අරළු යනාදිය කලං 1 මංචාඩි 4 බැගින් ගෙන වතුර පත 8 එකට සිඳුවා පෙරා තිප්පිලි කුඩු ඇඟිලි දෙකකට හසුවන ප්‍රමාණයෙන් දෙකක්‌ මුසු කර පත භාගය බැගින් උදේ සහ සවසට දින 12 ක්‌ එක දිගට පානය කළ යුතුයි. තිප්පිලි කුඩු සාදා ගන්නේ කබලේ බැද කුඩුකර ගැනීමෙනුයි.
divaina.com

Related posts

ජනාධිපති අලුත් රූපවාහිනී නාලිකාවක් අරඹයි.. “හෙළවත්, හරවත්, හිතවත්”

Shiran Viraj

නැවු තටාකාංගනයේ කොරෝනා ආසාදිතයෙන් නිසා නාවලපිටියේ පවුලම නිරෝධායනයට..

Shiran Viraj

රටත් ජනතාවත් වෙනුවෙන් ගෞරවනීය දේශපාලන මෙහෙවරක නිරතවීමට හැකි වේවා

Shiran Viraj
Translate »