mediahumanrights.lk
Local NewsNews

අක්ෂි කාච සැත්කම් යළි නවතියි

අක්ෂි කාච නොමැතිවීම හේතුවෙන් රජයේ රෝහල්වල සිදු කරන සැත්කම් ප‍්‍රමාද වෙමින් ඇතැයි තොරතුරු වාර්තා වුණා.
ඒ, මහනුවර ශික්ෂණ රෝහලේ දී මෙම තත්ත්වයට මුහුණ දුන් කිහිප දෙනෙකු ඒ සම්බන්ධයෙන් ලබා දුන් තොරතුරු මතයි. එක් රෝගියෙකු කියා සිටියේ අක්ෂි කාච නොමැති බව පවසමින් මහනුවර රෝහලේ සිදු කරන සැත්කම් කල් දමමින් සිටින බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් මහනුවර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායකගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ තම රෝහලේ පමණක් නොව රෝහල් බොහෝමයක මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි.
අවශ්‍ය ප‍්‍රමාණයට රෝහල්වලට අක්ෂි කාච නොලැබෙන්නේ මන්දැයි  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරගෙන් ද ප‍්‍රශ්න කළා. ඔහු කියා සිටියේ පවතින තත්ත්වය පිළිබඳ සොයා බලා වහාම අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවයි.
රජයෙන් ලබා දෙන අක්ෂි කාච හැර පෞද්ගලික රෝහල්වලින් මිල දී ගන්නා අක්ෂි කාච රෝගීන්ට බද්ධ නොකිරීමටයි රජය තීරණයකට එළඹ ඇත්තේ. ඊට අදාළව චක‍්‍ර ලේඛයක් ද නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් අක්ෂි කාච නොමැති වීම සහ ඒ සඳහා යොදා ගන්නා උපකරණ සම්බන්ධයෙන් මතු වූ ගැටළුවක් හේතුවෙන් මෙම වසරේ ජනවාරි මාසයේ ද මෙවැනිම ගැටළුකාරී තත්ත්වයක් මතු වුණා.
එහි දී අනාවරණ කළේ මෙම තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප‍්‍රධාන රෝහල් රැසකම අක්ෂි සැත්කම් සිදු කිරීම ඇනහිට ඇති බවයි.
මේ අතර ඉකුත් පෙබරවාරි මස 17 වැනි දා සිට අක්ෂි කාච වර්ග 38ක මිල අඩු කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගත්තා.
(under the courtesy of nethfm news web)

Related posts

කාදිනල්තුමන් පාස්කු කමිටුවට පැමිණෙයි

Shiran Viraj

උතුරු කොරියාව සමග සාකච්ඡාවට ගිය අමෙරිකානු රාජ්‍ය ලේකම්ට වුණ දේ

Shiran Viraj

පාර්ලිමේන්තුවේ මාසයයි.. පිරිමි නර්ස්ගේ කල්ල මරේ.. දෙකෝටියක වාහන බලපත‍්‍ර..

Shiran Viraj
Translate »