mediahumanrights.lk
NewsPolitical

මෛත්‍රී ගේ උපන්දිනය අද … රනිල් එක්ක නුවරඑළි ගිහින්

අග්‍රාමාත්‍ය ආර්යා – මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ගේ උපන්දිනය අදට (11) ට යෙදී තිබේ.
ඇය අද දිනයේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග තෙදිනක සංචාරයක් සඳහා නුවරඑළිය නගරයට ගොස් ඇතැයි වාර්තා වේ.
කැළණිය විශ්ව විද්‍යාලයේ, ඉංග්‍රීසි අධ්‍යන අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය සමග රනිල් වික්‍රමසිංහ මහතා හා විවාහ දිවියට එළඹියේ 1994 වසරේදී ය.
මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය නිදහස් මත දරන්නියක් ලෙස ප්‍රකට අතර, පසුගිය මැයි මාසයේදී පැවති “නිහඬ වේදනාවේ සාක්ෂිය” කෘතිය එළිදකින අවස්ථාවේ සභාව අමතමින් ඇය විසින් සිදුකරන කථනයට දෙස් විදෙස් ප්‍රශංසාව හිමිවිය.
මෙරට දමිල, මුස්ලිම් සහ ක්‍රිස්තියානි වැසියන්ට එරෙහි සීනොෆෝබියා ව්‍යාපාර වළක්වාගන්නට දිගින් දිගටම අසමත් වීමේ ඉතිහාසය තුළ අසහනය සහ අගතිය, අනාරක්ෂිතභාවයන් මතුව ඇතැයි ඇය එහිදී පැවසුවාය.
සබැඳි පුවත්
අගමැති බිරිඳ ගෙන් සුපිරි කතාවක්
srilankamirror.com

Related posts

මම හිතින් මුතූට ආදරය කරනවා

Shiran Viraj

කර්නල් මංජුලට අධ්‍යාපනයේ මුල් පුටුවක්

Shiran Viraj

ජනාධිපති පත් කරන්නත්, ආණ්ඩුවක් පිහිටුවන්නන් අභයාරාම විහාරස්ථානය කේන්ද්‍රස්ථානය වුනා..- අගමැති

Shiran Viraj
Translate »